Contact Information

879 Woodlands Street 82
Singapore 730879

We Are Available 24/ 7. WhatsApp Now.

නවසීලන්තය සහ එංගලන්තය අතර පැවති දෙවන ටෙස්ට් තරඟය එක් ලකුණකින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය​. ඒ අනුව 1-1 ක් ලෙස තරඟාවලිය සම තත්වයේ ඇත​.

නීල් වැග්නර් කඩුලු 4ක් දවා ගත් අතර තීරණාත්මක උඩ පන් දු 2ක් ලබාගත්තේ අඟහරුවාදා පස්වන දිනය වූ දෙවන ටෙස්ට් තරඟයෙන් එංගලන්තය එක් ලකුණකින් පරාජය කරමිනි.

එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 258ක් ලබාදී තිබියදී ජෝ රූට් (95) සහ බෙන් ස්ටොක්ස් (33) ලකුණූ 121ක සබඳතාවයක් ගොඩනැංවීමත් සමඟ නවසීලන්තයේ බලාපොරොත්තු බොඳ වී ගියේය​.

කෙසේ නමුත් වැග්නර් පැමිණීමත් සමඟ තරඟය උඩු යටිකුරු කිරීමට සමත්විය​.

මෙම නවසීලන්ත ජයග්‍රහණය, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් ලකුණකින් ජයග්‍රහණය කරන ලද සිව්වන ජයග්‍රහණාය වේ.

පළමු ටෙස්ට් තරඟය ලකුණු 267කින් ජය ගැනීමට එංගලන්‍තය සමත්වීමත් සමඟ තරඟ දෙකකින් සමන්විත තරඟාවලිය 1-1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන්විය.

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *