රුවල් යාත්‍රාවක් ගිලී යාමෙන් එක් අයෙක් මිය ගොස් හය දෙනෙකු අතුරුදන්

රුවල් යාත්‍රාවක් ගිලී යාමෙන් එක් අයෙක් මිය ගොස් හය දෙනෙකු අතුරුදන්

සඳුදා අලුයම සිසිලි වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමිනි තිබූ රුවල් යාත්‍රාවක් ගිලී යාමෙන් පුද්ගලයින් හත් දෙනෙකු අතුරුදහන් වී ඇති බව ඉතාලි ගිනිනිවීමේ සේවය පවසයි.


මීටර 56 (අඩි 183) ක් උසැති මෙම යාත්‍රාව බ්‍රිතාන්‍ය ධජය යටතේ ගමන් කර ඇති අතර අතුරුදන් වූවන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් සිව් දෙනෙකු ද සිටින බව ඉතාලි මාධ්‍ය වාර්තා කර ඇත.


යාත්‍රාවේ සිටි පුද්ගලයින් 22 දෙනා අතරට එහි කාර්ය මණ්ඩලය 10 ක් සහ මගීන් 12 ක් ඇතුළත්ය.
මීට අමතරව ඇමරිකානු සහ කැනේඩියානු ජාතිකයන් ද එහි සිට ඇත.


පලෙර්මෝ වෙරළට ඔබ්බෙන් වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාත්‍රාව මෙම අනතුරට මුහුණ පා ඇති බව සැක කෙරේ.. වසරක් වයසැති දරුවෙකු ඇතුළු 15 දෙනෙකු හදිසි සේවා මගින් බේරා ගැනීමට හැකි වී ඇත.


මීටර් 50ක් ගැඹුරින් යාත්‍රාවේ සුන්බුන් හඳුනාගෙන ඇති අතර, ගිනි නිවන හමුදාව පැවසුවේ, කිමිදුම්කරුවන් අතුරුදන් වූවන් සෙවීමේ කටයුතුවල නිරත වන අතර, එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති බවයි..
බේරාගත් අයගෙන් 8 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඉතාලි වෙරළාරක්‍ෂක බළකාය ප්‍රකාශ කළේය. ඉතාලි වෙරළාරක්ෂක බලකාය පැවසුවේ හදිසි සේවා පැමිණීමට පෙර අසල තිබූ බෝට්ටුවක් මිනිසුන් බේරාගැනීමට කටයුතු කළ බවයි.

මෙම රුවල් යාත්‍රාව හැඳින්වෙන්නේ Bayesian ලෙසින් බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත.


එහි ඇති දුරස්ත හඳුනාගැනීමේ (GPS tracker) උපකරණ මගින් අවසන් වරට පණිවිඩ ලැබී තිබුණේ දේශීය වේලාවෙන් 04:00 ට පසුව එනම්, ගලවා ගැනීමේ උත්සාහයන් ආරම්භ වීමට ටික වේලාවකට පෙරය.

උපුටා ගැනීම: https://www.bbc.com/news/articles/c0k4751jrm8o

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top