ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක් නැවතත්

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක් නැවතත්

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් , ෆ්ලොරිඩාවේ පිහිටි ඔහුට අයත් ගොල්ෆ් පිටියේදී ඝාතනය කිරීමට තැත්කර ඇති බව වාර්ථා වේ. කෙසේ වෙතත් ඔහු මේ වනවිට නිරුපද්‍රිතව සිටින බව සඳහන් වේ. රයිෆල් තුවක්කු බටයක් ගොල්ෆ් පිටිය අසල පඳුරක් අතරින් පිටතට ඇදී එනු දුටු රහස් ඔත්තු සේවා නියෝජිතයන් එදෙසට වෙඩි තබා ඇත. ඒ වන විට ට්‍රම්ප් සිට ඇත්තේ ඊට යාර 300-500ක් පමණ දුරිනි. සැකකරු පඳුරු අතරින් දිව ගොස් කළු පැහැති නිසාන් (Nissan) මෝටර් රථයකින් පලාගොස් ඇති අතර සිද්ධිය ඇසින් දුටුවෙක් මෝටර් රථයේ චායාරූපයක් ගෙන ඇති අතර පසුව මාටින් ප්‍රාන්තයේදී සොයාගන්නා ලදී. සිද්ධිය වූ ස්ථානයේ තිබී AK-47 වර්ගයේ තුවක්කුවක්, ඊට සවිකල හැකි දුරදක්නයක් ,ඉලක්කට ලබාගෙනීමේ උපකරණයක්, GoPro කැමරාවක් සහ බෑග් දෙකක් සොයාගෙන ඇත.

ඊමේල් පණිවුඩයක් මගින් ට්‍රම්ප් සිය ආධාරකරුවන්ට සහතික වෙමින් කියා සිටියේ තමන් “ආරක්ෂිතව සහ හොඳින්” සිටින බවත්, “කිසිදා යටත් නොවන” බවත් ය.

මෙම සිදුවීම සිදුවූයේ පෙන්සිල්වේනියාවේ බට්ලර් (Butler , Pennsylvania) හි එවැනිම ඝාතන උත්සාහයකින් මාස දෙකකට පමණ පසුවය. එනම් ජූලි මාසයේදී තුවක්කුකරුවෙකු ට්‍රම්ප්ගේ රැලියක් අතරතුර වෙඩි තැබීමෙන් ඔහුගේ කනට තුවාල කළේය. එම මොහොතේ ක්ශණිකව ක්‍රියාත්මක වූ රහස් ඔත්තු සේවයේ නිලධාරීන්ගේ ස්නයිපර් ප්‍රහාරයෙන් ,තෝමස් මැතිව් කෲක්ස් නමැති වෙඩික්කරු මිය ගියේය. එහිදී එම ස්තානයේ සිටි ප්‍රේක්ෂකයෙකුටද ජීවිතය අහිමි විය.

පෙන්සිල්වේනියා සිද්ධියෙන් පසු රහස් සේවය විවේචනයට ලක් වූ අතර එහි අධ්‍යක්ෂ කිම්බර්ලි චේට්ල්, (Kimberly Cheatle) ටික කලකට පසු ඉල්ලා අස්විය.

ජනාධිපති ජෝ බයිඩන් සහ උප ජනාධිපති කමලා හැරිස් යන දෙදෙනාම මෑතදී ෆ්ලොරිඩාවේ උත්සව කීපයක් පිළිබඳව නිවේදනය කල අතර, ට්‍රම්ප්ට කිසිදු හානියක් නොවන බවට ඔවුන් ප්‍රකාශ කළේය. තවදුරටත් හැරිස් පැවසුවේ “ඇමරිකාවේ ප්‍රචණ්ඩත්වයට තැනක් නොමැති” බවයි.

කෙසේ වෙතත් මේවන විට බලධාරීන් විසින් තත්වය විමර්ශනය කරමින් සිටින අතර ට්‍රම්ප් වටා ඇති ආරක්ෂක ගැටළු ඉහළ මට්ටමක පවතින බව විශ්ලේෂකයින්ගේ අදහසයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි

https://www.bbc.com/news/articles/c3rllnd1pypo

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top