Tokenize Xchange හි අරමුදල් අහිමි වූ ආයෝජකයින් අතර අර්බුදයක්

සිංගප්පූරු මහ බැංකුව (Monetary Authority of Singapore – MAS) විසින් ඩිජිටල් ගෙවීම් සේවා බලපත්‍රයක් (digital payment token licence) ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, Tokenize Xchange විසින් සිය මෙහෙයුම් කටයුතු අත්හිටුවන බව ජූලි මාසයේදී ප්‍රකාශ කර ඇත. එමගින් මෙය යොදා ගත් පරිශීලකයින්ට තවදුරටත් ආයෝජන ඉවත් කර ගැනීමට නොහැකි වී ඇත.

දැනට පොලිස් පරීක්ෂණයක් යටතේ පවතින Tokenize Xchange නම් ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ක්‍රමයෙහි අරමුදල් ආයෝජනය කර සිටි පුද්ගලයින් මහත් අපහසුතාවයට පත් වී සිටින බව වාර්තා වේ. ආයෝජකයන් කිහිප දෙනෙකු විසින් උසාවි නියෝගයක් ලබා ගෙන ඇති අතර, ඒ අනුව සමාගමේ මෙහෙයුම් අධීක්ෂණය කිරීම සඳහා අතරමැදි කළමනාකරුවන් පත් කර තිබේ.

මේ අතර, සිංගප්පූරු පොලිස් දෙපාර්තමේන්තුව (Commercial Affairs Department) විසින් Tokenize Xchange හි අධ්‍යක්ෂවරයෙකු වන හොං කී යූ (Hong Qi Yu) වංචනික ගනුදෙනු (fraudulent trading) සම්බන්ධයෙන් චෝදනා කර තිබේ.

MAS විසින් මෙම සමාගමේ බලපත්‍ර අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇත්තේ, එහි ගනුදෙනුකරුවන්ගේ වත්කම් නිසි පරිදි වෙන් කර නොතිබීම සහ පාරිභෝගික හිමිකම් පියවීමට තරම් ප්‍රමාණවත් වත්කම් සමාගම සතුව නොමැති වීම නිසා බව පරීක්ෂණවලින් හෙළි වී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top