Taco Bell අවන්හල් ජාලය AI තාක්ෂණය නැවත සලකා බලයි

ටැකෝ බෙල් (Taco Bell) අවන්හල් ජාලය සිය ඩ්‍රයිව්-ත්‍රූ (drive-through) සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගැනීම නැවත සලකා බලමින් සිටින බව වාර්තා වේ. AI තාක්ෂණය මඟින් සිදු කරන ලද හාස්‍යජනක වැරදි සහිත වීඩියෝ මිලියන ගණනක් නරඹා තිබීම මෙයට හේතුවයි.

එක් වීඩියෝවක, පාරිභෝගිකයෙකු වතුර කෝප්ප 18,000ක් ඇණවුම් කිරීම නිසා පද්ධතිය ක්‍රියා විරහිත වන අයුරු දැක්වෙන අතර, තවත් වීඩියෝවක පුද්ගලයෙකුට AI යන්ත්‍රය දිගින් දිගටම තවත් බීම වර්ග ඇණවුම් කරන ලෙස ඉල්ලා සිටීම නිසා කෝපයට පත් වන ආකාරය දක්වා ඇත.

2023 වසරේ සිට මෙම ක්ෂණික ආහාර දාමය, ඇණවුම් කිරීමේ වැරදි අඩු කිරීම සහ ඒවා වේගවත් කිරීමේ අරමුණින්, ඇමරිකාවේ ස්ථාන 500කට අධික ප්‍රමාණයක මෙම තාක්ෂණය හඳුන්වා දී ඇත. නමුත් මෙම AI තාක්ෂණයෙන් සිදුවී ඇත්තේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් බව පෙනේ.

Taco Bell හි ප්‍රධාන ඩිජිටල් හා තාක්ෂණික නිලධාරී ඩේන් මැතිව්ස් (Dane Mathews), පවසා ඇත්තේ, හඬ AI යෙදවීමට අභියෝග ඇති වී ඇති බවයි. ඔහු කියා සිටියේ, විශේෂයෙන්ම අවන්හල්වල තදබදය වැඩි වන විට, ඇණවුම් ලබා ගැනීම සඳහා මිනිසුන් වඩාත් සුදුසු බවයි. ඉදිරියට AI තාක්ෂණය භාවිතා කළ යුත්තේ කොතැනදැයි ප්‍රවේශමෙන් සලකා බලන බවත්, ඩ්‍රයිව්-ත්‍රූ සඳහා එය භාවිතා නොකිරීමට සිතන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top