යැගි චීනයට කඩා වදීද?
බලවත් නිවර්තන සුළි කුණාටුවක් චීනය හරහා ගමන් කිරීමට නියමිතව තිබුණේ ඊයේ(06) රාත්‍රී කාලයේදීය. විදෙස් මාධ්‍ය අනාවරණය කරන ආකරයට මෙම ‘යැගි’ (Yagi) නම් වූ සුළි කුණාටුව හේතුවෙන් චීනයේ සුප්‍රකට සංචාරක දූපතක් වන ‘හයිනන්’ (Hainan) දූපතෙ සිටි ලක්ෂය හතරකට අධික ජනතාවක් ඉවත් කරගෙන ඇත. 2024 වසරේ චීනයට කඩා වැදීමට නියමිත ප්‍රභලතම සුළි කුණාටුව ලෙස මෙම යැගී කුණාඩුව සැළකේ. මීට අමතරව මෙම ‘යැගි’ කුණාටුව හේතුවෙන් එම දූපතේ පාසල්, ව්‍යාපාරික ස්තාන, ගුවන් මාර්ග, බෝට්ටු ගමන් වාර, වෙළඳසැල් ආදී සියල්ල වසා දමා ඇති බවද වාර්තා වෙ.
මෙම සුළි කුණාටුව කඩා වැදීම හේතුවෙන් උතුරු පිලිපීනයට දරුණු විනාශයක් සිදුව ඇති අතර එහි වේගය පැයට කිලෝමීටර් 240ක් දක්වා වර්ධනය වන බව ගණන් බලා ඇත. කාලගුණ විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා ආකාරයට මෙම සුළි කුණාටුව හේතුවෙන්, චීනයේ වැඩිම ජනගහණයක් වාසය කරන හයිනන් පළාතට හා ඊට ආසන්න ගුවැන්ඩොන් (Guangdong) පළාතට දැඩි ව්‍යසනයක් සිදුවනු ඇත. සුපර් ටයිෆුන් (super typhoon) යනුවෙන් හඳුන්වනු ලබන මෙම ‘යැගි’ සුළි කුණාටුව පස්වන,(V) කාණ්ඩයේ ඉතා දරුණු සුළි කුණාටුවකට සමාන බව එරට විද්‍යාඥයෝ ප්‍රකාශ කරයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි