හොංකොං (Hong Kong) හි පැවැත්වීමට නියමිතව තිබූ වෙන්දේසියක් මාස දෙකකට පෙර නවතා දැමීමෙන් පසුව, බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලාට සම්බන්ධ පුරාණ මැණික් ධාතූන් නැවත ඉන්දියාවට (India) ගෙන්වා ගැනීමට ඉන්දීය රජය සමත් වී තිබෙනවා.
සංස්කෘතික උරුම නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඉන්දීය සහ හොංකොං අධිකරණවල මෙන්ම ජාත්‍යන්තර ආයතන හරහාද වෙන්දේසි ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය තර්ජනය කිරීමෙන් පසුව, Sotheby’s සමාගම මැයි මාසයේදී මැණික් ධාතූන් අලෙවිය කල් දැමුවා.
බොහෝ බෞද්ධයන් විශ්වාස කරන්නේ, මෙම මැණික් ධාතූන් බුදුන් වහන්සේගේ පැමිණීමෙන් ආශීර්වාද ලබා ඇති බවත්, ඒවා ශාරීරික ධාතූන් වහන්සේලා ලෙස සැලකිය යුතු බවත්ය.
මෙම වටිනා පුරාවස්තු විශේෂ උත්සවයකදී නිල වශයෙන් එළිදක්වා මහජන ප්‍රදර්ශනයට තබන බව අමාත්‍යාංශය පැවසුවා. මැණික් ධාතූන් මිලදී ගැනීම ඉන්දීය රජය සහ Godrej Industries Group අතර රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වයක් හරහා සිදු වූ බවද එය වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම මැණික් ධාතූන් අලෙවි කර ඇත්තේ, 1898 දී උතුරු ඉන්දියාවේ පිහිටි තම වතුයායේදී මෙම මැණික් ධාතූන් සොයාගත් බ්‍රිතාන්‍ය යටත් විජිත ඉඩම් හිමියෙකු වූ විලියම් ක්ලැක්ස්ටන් පෙප් (William Claxton Peppé) ගේ පරම්පරා තුනක් විසිනි. මැණික් ධාතූන් වෙන්දේසි කිරීමට ඔවුන් ගත් තීරණයට බෞද්ධ නායකයින්, විද්වතුන් සහ බැතිමතුන්ගෙන් ජාත්‍යන්තර විරෝධයක් එල්ල විය.
උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.