ට්‍රම්ප් ඝාතනයට තැත්කල සැකකරු අත්අඩංගුවට

ට්‍රම්ප් ඝාතනයට තැත්කල සැකකරු අත්අඩංගුවට

පසුගිය දින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් උතුරු කැරොලිනාවේ වෙසෙන 58 හැවිරිදි රයන් වෙස්ලි රවුත් (Ryan Wesley Routh) අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය වූ දින ඔහු රයිෆල් තුවක්කුවක්ද රැඟෙන ෆ්ලොරිඩාවේ පිහිටි ට්‍රම්ප්ගේ ගොල්ෆ් පිටියට ගිය බව කියනු ලැබේ. නමුත් රහස් සේවා නියෝජිතයන් ඔහුව දැකීමෙන් පසු පලා ගොස් ඇත. රවුත් පසුව අධිවේගී මාර්ගයකදී අත්අඩංගුවට ගන්නා ලදී. විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ ඔහු 2016 දී ට්‍රම්ප්ට සහාය දුන් අතර පසුව ඔහු ඔහුට එරෙහිව වෙනත් දේශපාලනඥයන්ට සහාය දුන් බවය. රවුත් යුක්රේනයේ ආධාරකරුවෙකු වන අතර එහි යුද්ධය සඳහා සටන්කරුවකු ලෙස බැඳීමට උත්සාහ කර තිබේ. කෙසේ නමුත් අත්දැකීම් නොමැතිකම හේතුවෙන් එරට හමුදාව විසින් ඔහු ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද පණිවිඩ (Posts) යුක්‍රේනයට ගැති, චීන විරෝධී සහ පලස්තීන ගැති පණිවිඩ ලෙස හඳුනාගෙන ඇති අතර එමඟින් ඔහුගේ දේශපාලන අදහස් කෙසේද යන්න පොලීසිය හඳුනාගෙන තිබේ. එම තොරතුරු වලට අනූව ඔහු ට්‍රම්ප් විවේචනය කර ඇති අතර බයිඩ්න් සහ හැරිස් (Biden and Harris) වැනි දේශපාලනඥයන්ට සහාය පල කර තිබේ. රූත්ට 1990 දක්වා අතීතයක සිට අපරාධ වාර්තා ඇති බව සොයගෙන ඇති අතර, ආයුධ සම්බන්ධ වැරදි ඇතුළු විවිධ අපරාධ සඳහා චෝදනා ඇති බව සඳහන්. කෙසේ වෙතත් එසේ අපරාධ චෝදනා තිබියදීත්, ඔහුගේ පුතා ඔහුව ආදරණීය පියෙකු ලෙස විස්තර කර ඇත. FBI විසින් මෙම සිද්ධිය ඝාතන තැතක් ලෙසින් විමර්ශනය කරමින් සිටින අතර Routh හට ගිනි අවි චෝදනාද එල්ල වේ. ඔහුගෙන් ප්‍රජාවට අනතුරක් සිදුවිය හැකි නිසා ගුවන් ගමන් තහනමක් සහිතව අත්අඩංගුවේ තැබිය යුතු බව එරට අධිකරණය තීරණය කර තිබේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි

https://www.bbc.com/news/articles/c3611zjjnd2o

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top