RAF බ්‍රයිස් නෝටන් කඳවුරට කඩා වැදීම: සිව්දෙනෙකු අත්අඩංගුවට

RAF බ්‍රයිස් නෝටන් (RAF Brize Norton) හි ගුවන් හමුදා කඳවුරට කඩා වැදී හමුදා ගුවන් යානාවලට තීන්ත ඉසීම සම්බන්ධයෙන් ත්‍රස්ත විරෝධී පොලීසිය සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියේ වගකීම පලස්තීන ගැති කණ්ඩායමක් වන පලස්තීන ක්‍රියාකාරී (Palestine Action) සංවිධානය විසින් භාරගෙන ඇත.

පසුගිය සිකුරාදා පලස්තීන ක්‍රියාකාරී සංවිධානය විසින් X ඔස්සේ අන්තර්ජාලයට මුදාහැර තිබූ වීඩියෝ දර්ශනවල, ඔක්ස්ෆර්ඩ්ෂයර් (Oxfordshire) ගුවන් කඳවුර තුළ අඳුරේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු, එක් අයෙකු ස්කූටරයකින් එයාර්බස් වොයේජර් (Airbus Voyager) යානයක් වෙත ගොස් එහි ජෙට් එන්ජිමට තීන්ත ඉසින අයුරු දැක්වේ.

බ්‍රයිස් නෝටන්හි සිද්ධියෙන් පසු පලස්තීන ක්‍රියාකාරී සංවිධානය තහනම් කිරීමට රජය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, එම කණ්ඩායමේ සාමාජිකයෙකු වීම හෝ එයට සහය දීම නීති විරෝධී වනු ඇත. ස්වදේශ කටයුතු ලේකම් යෙවෙට් කූපර් (Yvette Cooper) කියා සිටියේ, තහනම් කිරීමේ කෙටුම්පත් නියෝගය ජූනි 30 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top