‘One Big Beautiful Bill’ ඇමෙරිකානු මන්ත්‍රී මණ්ඩලයේ තියුණු ඡන්ද විමසීමකට!

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ (Donald Trump) ප්‍රධාන නීති සම්පාදනය පිළිබඳ අවසන් ඡන්ද විමසීමට පෙර ක්‍රියා පටිපාටි බාධාවක් ඉවත් කිරීමට ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ට්‍රම්ප් විසින් ” One Big Beautiful Bill” ලෙස හඳුන්වනු ලබන මෙම ප්‍රතිපත්ති සහ අයවැය ලේඛනය, ඩිමොක්‍රටිකයින්ගේ සහ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය තුළින්ම විරෝධයට ලක්වී තිබෙනවා. එම පක්ෂයේ සාමාජිකයින් ජාතික ණයට ට්‍රිලියන ගණනක් එකතු වීමට ඇති ඉඩකඩ සහ මෙඩිකේඩ් (Medicaid) වැනි සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා කප්පාදු කිරීම් පිළිබඳව අකමැත්ත පළ කර ඇත.

මේ අතර, ඇමෙරිකානු දකුණු දේශසීමාවේ සරණාගතයින්ට සම්පූර්ණ තහනමක් පැනවීමෙන් ජනාධිපති ට්‍රම්ප් සිය බලය ඉක්මවා ගොස් ඇති බවට ෆෙඩරල් විනිසුරුවරයෙකු තීන්දු කරමින් එම තීරණය අවහිර කර තිබෙනවා.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top