Oasis සංගීත ප්‍රසංගයේදී වැටී පුද්ගලයෙක් මිය යයි

සෙනසුරාදා (අගෝස්තු 2) පැවති ඔඒසිස් (Oasis) සංගීත ප්‍රසංගයකදී උසකින් වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව මෙට්‍රොපොලිටන් පොලිසිය (Metropolitan Police) පවසනවා. ලන්ඩනයේ (London) වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී (Wembley Stadium) මෙම ප්‍රසංගය පැවති අතර, මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක් පමණ වන බව පොලිසිය වාර්තා කර ඇත.

Oasis සංගීත කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින්, රසිකයෙකුගේ මරණය ගැන “කම්පනයට හා දුකට පත් වූ” බවත්, මියගිය පුද්ගලයාගේ පවුලේ අයට සහ මිතුරන්ට ශෝකය ප්‍රකාශ කිරීමට කැමතියි බවත් සංගීත කණ්ඩායම වැඩිදුරටත් පවසා ඇත.

මෙම පුද්ගලයා ඉහළ ස්ථරයකින් වැටී ඇති බවත්, එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් මෙට්‍රොපොලිටන් පොලිසිය වාර්තා කරයි . එම පරීක්ෂණය ඉදිරි දින කිහිපය තුළ සෞඛ්‍ය සහ ආරක්ෂක විධායක ආයතනය වෙත පවරනු ඇති බව මෙට්‍රොපොලිටන් පොලිසිය වැඩිදුරටත් පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top