Nvidia සහ Foxconn සමාගම්, ටෙක්සාස්හි හූස්ටන් (Houston) හි පිහිටුවන නව කර්මාන්තශාලාවක මානව හැඩැති රොබෝවරුන් (humanoid robots) යෙදවීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. මෙම කර්මාන්තශාලාවේදී Nvidia හි නවීන AI සර්වර් (AI servers) නිපදවීමට නියමිතය. Nvidia නිෂ්පාදන තැනීම සඳහා මානව හැඩැති රොබෝවරුන් භාවිත කරන පළමු අවස්ථාව මෙයවේ.
Nvidia හි GB300 AI සර්වර් නිෂ්පාදනය ලබන වසරේ මුල් භාගයේදී ආරම්භ වන විට මෙම රොබෝවරුන් වැඩ ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොපමණ රොබෝවරුන් ප්‍රමාණයක් භාවිතා කරන්නේද යන්න හෝ ඔවුන්ගේ නිශ්චිත සැලසුම පැහැදිලි නැති නමුත්, කොටස් තෝරා ගැනීම, කේබල් ඇතුළත් කිරීම සහ නිෂ්පාදන එකලස් කිරීම වැනි කාර්යයන් සඳහා ඔවුන් සහාය වීමට ඉඩ ඇත.
Foxconn සමාගම Nvidia සමඟ එක්ව තමන්ගේම රොබෝවරුන් නිර්මාණය කරමින් සිටින අතර, චීනයේ UBTech සමාගමේ මාදිලි ද පරීක්ෂා කර ඇත. නව හූස්ටන් කර්මාන්තශාලාව අනෙකුත් ඒවාට වඩා විශාල වීම, මෙම රොබෝවරුන් භාවිතා කිරීම පහසු කරනු ඇත. සමාගම් දෙකම මෙම සැලැස්ම පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත.
Foxconn විසින් මේ වසර අගදී තමන්ගේම මානව හැඩැති රොබෝ වර්ග දෙකක් ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කර ඇත.Nvidia සමාගම මෑතකදී නිවේදනය කළේ, ටෙක්සාස්හි AI සුපිරි පරිගණක කර්මාන්තශාලා ඉදිකරන බවයි. එහිදී Foxconn සහ Wistron යන සමාගම් දෙකම සමඟ කටයුතු කරනු ඇති බවට වාර්තාවේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.