Nvidia සමාගමේ වෙළෙඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4 සීමාව ඉක්මවයි.

කෘත්‍රිම බුද්ධි චිප් නිෂ්පාදක Nvidia හි කොටස් වෙළෙඳපොළ වටිනාකම බ්‍රහස්පතින්දා (ජූලි 10) දින වෙළෙඳ සැසිය අවසානයේදී ප්‍රථම වතාවට ඩොලර් ට්‍රිලියන 4 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, එය වෝල් ස්ට්‍රීට් (Wall Street) හි වඩාත් ප්‍රිය කරන කොටස් අතරට එක්වී තිබෙනවා.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් සඳහා වන අඛණ්ඩ ඉල්ලුමේ ඉහළ යෑමෙන් ප්‍රතිලාභ ලබමින්, Nvidia හි කොටස් 0.75%කින් ඉහළ ගොස් ඩොලර් 164.10ක අගයකින් අවසන් වූ අතර, එහි වෙළෙඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4.004ක් දක්වා ඉහළ ගිය බව වාර්තා වේ.

Nvidia හි කොටස් වෙළෙඳපොළ වටිනාකම බදාදා (ජූලි 09) දින කෙටි කලකට ඩොලර් ට්‍රිලියන 4 ඉක්මවා ගියද, එය ඩොලර් ට්‍රිලියන 3.97ක් පමණ වන අගයකින් අවසන් විය.

උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top