ඇමරිකාවේ නිව්යෝර්ක් (New York) ප්‍රාන්තයේ සංචාරක බස් රථයක් අනතුරකට ලක්වීමෙන් කිහිප දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් කිහිප දෙනෙකු බස් රථයේ සිරවී තිබෙනවා. මෙම බස් රථය ඇමරිකා-කැනඩා දේශසීමාවේ පිහිටි ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන Niagara Falls සිට නිව්යෝර්ක් නගරය වෙත ආපසු ගමන් කරමින් තිබී ඇත.
බස් රථයේ පුද්ගලයන් 52 දෙනෙකු සිටි අතර, ඔවුන්ගෙන් බහුතරයක් ආසන පටි පැළඳ සිට නැති බව බලධාරීන් පවසයි. මිය ගිය අය අතර දරුවෙකු සිටින බවට මීට පෙර පොලිසිය පැවසුවද, පසුව කිසිදු දරුවෙකු මිය ගොස් නැති බව පැහැදිලි කර තිබේ.
බස් රථයේ සිටි මගීන්ගෙන් බහුතරයක් ඉන්දියාව, චීනය සහ පිලිපීනය යන රටවල සංචාරකයින් බව වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.