NATO සමුළුව හේග්හිදී ඇරඹෙයි: යුක්රේන යුද්ධය සහ මැදපෙරදිග පිළිබඳව වැඩි අවධානයට

යුරෝපීය රටවල් කිහිපයක්, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ කැනඩාව ඇතුළත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (NATO) නායකයෝ මෙම සතියේදී නෙදර්ලන්තයේ හේග්හිදී සිය වාර්ෂික දින දෙකක සමුළුව සඳහා රැස්වෙති. අඟහරුවාදා ආරම්භ වන මෙම සමුළුව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධූර කාලය සඳහා ජනවාරි මාසයේදී බලයට පත්වීමෙන් පසු ඔහු සහභාගී වන පළමු නේටෝ සමුළුවයි. හිටපු ලන්දේසි අගමැතිවරයා වන නේටෝ මහලේකම් මාක් රූටේ (Mark Rutte) ද ප්‍රථම වරට මෙම රැස්වීමේ සභාපතිත්වය දරනු ඇත.

අපේක්ෂිත සාකච්ඡා මාතෘකා අතර යුක්රේනයේ යුද්ධය සහ සාමාජික රාජ්‍යයන් තම සාමූහික ආරක්ෂාව සඳහා කොපමණ මුදලක් වියදම් කරන්නේද යන්න පිළිබඳ මතභේදාත්මක කරුණක් ප්‍රධාන වේ. විශේෂයෙන්ම අමෙරිකාව සම්බන්ධයෙන් මෙය contentious point එකක් වී ඇත. අමෙරිකාව මූල්‍ය බරින් වැඩි ප්‍රමාණයක් දරන බවට ට්‍රම්ප් දිගු කලක් තිස්සේ තර්ක කර ඇති අතර, අනෙකුත් සාමාජිකයින් තම ආරක්ෂක වියදම් වැඩි කරන ලෙසට ඔහු බලකර සිටියි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top