M&S සහ Co-op සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් සිව්දෙනෙකු අත්අඩංගුවට

M&S සහ Co-op ආයතනවලට විශාල බලපෑමක් එල්ල කළ සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලීසිය විසින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික අපරාධ ඒජන්සිය (NCA) පවසන්නේ, ස්ටැෆර්ඩ්ෂයර්හි (Staffordshire) දී 20 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ලන්ඩන් (London) සහ බටහිර මිඩ්ලන්ඩ්ස් (West Midlands) හිදී වයස අවුරුදු 17ත් 19ත් අතර පිරිමි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මොවුන් පරිගණක අනිසි භාවිත පනත යටතේ සිදු කළ වැරදි, කප්පම් ගැනීම, මුදල් විශුද්ධිකරණය සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක ක්‍රියාකාරකම්වලට සහභාගී වීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සිව්දෙනාම බ්‍රහස්පතින්දා (ජූලි 10) අලුයම තම නිවෙස්වලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉලෙක්ට්‍රොනික උපකරණ ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

NCA හි ජාතික සයිබර් අපරාධ ඒකකයේ ප්‍රධානී පෝල් ෆොස්ටර් (Paul Foster) පැවසුවේ, මෙම අත්අඩංගුවට ගැනීම් තම විමර්ශනයේ වැදගත් පියවරක් බවයි. නමුත් වගකිවයුත්තන් හඳුනාගෙන නීතිය හමුවට පමුණුවන බවට සහතික වීම සඳහා අපගේ කාර්යය එක්සත් රාජධානියේ සහ විදේශයන්හි හවුල්කරුවන් සමඟ අඛණ්ඩව සිදුවන බව  ඔහු වැඩිදුරටත් පවසා ඇත.

අප්‍රේල් මස මැද භාගයේදී ආරම්භ වූ මෙම හැකර් ප්‍රහාර, ආයතන දෙකටම විශාල බාධා ඇති කල බව වාර්තා වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top