mRNA එන්නත් කොන්ත්‍රාත්තු අවලංගු කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කරයි

COVID-19 වසංගතය අවසන් කිරීමට සහ මිලියන ගණනක ජීවිත බේරා ගැනීමට උපකාර කළ තාක්ෂණයක් ලෙස සැලකෙන එම්ආර්එන්ඒ (mRNA) එන්නත්වල (vaccines) ආරක්ෂාව ප්‍රශ්න කරමින්, එම්ආර්එන්ඒ පාදක කරගත් එන්නත් සඳහා වන ෆෙඩරල් කොන්ත්‍රාත්තු 22ක් අවලංගු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ (Donald Trump) පරිපාලනය නිවේදනය කර ඇත.

සෞඛ්‍ය ලේකම් රොබට් එෆ් කෙනඩි ජූනියර් (Robert F Kennedy Jr) විසින් සිදු කරන ලද මෙම නිවේදනය, එක්සත් ජනපද රජයේ ප්‍රතිපත්තියේ හරය තුළට එන්නත් පිළිබඳ සැකය ඇතිකිරීමට ඔහු දරන නවතම උත්සාහය සනිටුහන් කරයි. “අපි විද්‍යාව සමාලෝචනය කළා, විශේෂඥයන්ට ඇහුම්කන් දුන්නා, ඒ අනුව කටයුතු කළා,” කෙනඩි ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ බයෝමෙඩිකල් උසස් පර්යේෂණ සහ සංවර්ධන අධිකාරිය (BARDA), එම්ආර්එන්ඒ එන්නත් සංවර්ධන ආයෝජන 22ක් අවලංගු කරන්නේ, මෙම එන්නත් COVID සහ ඉන්ෆ්ලුවෙන්සා වැනි ඉහළ ශ්වසන ආසාදනවලට එරෙහිව ඵලදායී ලෙස ආරක්ෂා කිරීමට අසමත් වන බව දත්ත මගින් පෙන්වා දෙන නිසා බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top