MI6 නව ප්‍රධානීට නාසි සීයාගෙන් දුරස්ථභාවයක්!

නව MI6 ප්‍රධානියා වූ බ්ලේස් මෙට්‍රෙවේලි (Blaise Metreweli) ට ඇගේ සීයා, “මස් වෙළෙන්දා” (the Butcher) ලෙස හැඳින්වූ නාසි ඔත්තුකරුවෙකු බව මෙම සතියේදී හෙළිවීමත් සමග, MI6 ආයතනය ඇය සහ ඇගේ සීයා අතර දුරස්ථභාවයක් පවත්වා ගැනීමට පියවර ගෙන තිබේ. බ්ලේස් මෙට්‍රෙවේලි, MI6 හි වසර 116ක ඉතිහාසයේ ප්‍රථම කාන්තා ප්‍රධානියා ලෙස මේ මස මුලදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ඇගේ පුළුල් පසුබිම පිළිබඳව එතරම් තොරතුරු නොදන්නා අතර, ජර්මානු ලේඛනාගාරයකින් ඩේලි මේල් (Daily Mail) පුවත්පත විසින් අනාවරණය කරන ලද ලේඛනවලින් පෙන්නුම් කරන්නේ, ඇගේ සීයා කොන්ස්ටන්ටයින් ඩොබ්‍රොවොල්ස්කි (Constantine Dobrowolski) බවයි. ඔහු සෝවියට් රුසියාවේ රතු හමුදාවෙන් පලා ගොස් යුක්රේනයේ චර්නිහිව් (Chernihiv) හි නාසීන්ගේ ප්‍රධාන තොරතුරු සපයන්නා බවට පත්ව ඇත. වෙර්මාක්ට් (Wehrmacht) අණදෙන නිලධාරීන් විසින් ඔහුව “මස් වෙළෙන්දා” හෝ “ඒජන්ට් අංක 30” ලෙස හැඳින්වූ බව ද වාර්තා වේ. ඔහු තම නාසි උසස් නිලධාරීන්ට “හයිල් හිට්ලර්” (Heil Hitler) යැයි අත්සන් කර ඇති අතර, “යුදෙව්වන් සමූලඝාතනයට” තමා “පෞද්ගලිකව” සහභාගී වූ බව ද පවසා ඇත.

කෙසේ වෙතත්, MI6 වෙනුවෙන් අදහස් දැක්වූ විදේශ කාර්යාලය (Foreign Office), මෙම සංකීර්ණ උරුමයම “නව MI6 ප්‍රධානියා ලෙස ගැටුම් වැලැක්වීමට සහ අද දින සතුරු රාජ්‍යයන්ගෙන් බ්‍රිතාන්‍ය මහජනතාව ආරක්ෂා කිරීමට ඇයගේ කැපවීමට දායක වී ඇති” බව අවධාරණය කළහ.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top