‘KPop Demon Hunters’ සජීවිකරණ චිත්‍රපටයේ ගීත සහිත පිටපතක් (sing-along version) අගෝස්තු 25 වන සඳුදා Netflix හි නිකුත් කරන බව වාර්තා වේ. මෙමගින් නරඹන්නන්ට, චිත්‍රපටයේ එන Huntrix සහ Saja Boys යන සංගීත කණ්ඩායම් සමඟින්, ‘Golden’, ‘Takedown’, ‘Free’, ‘Your Idol’ සහ ‘What It Sounds Like’ වැනි ගීත ගායනා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
මෙම විශේෂ ගීත පිටපතක් නිකුත් කිරීම, චිත්‍රපටය පසුගිය සති අන්තයේ එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල් පහක සිනමා ශාලාවල සීමිත කාලයක් සඳහා තිරගත කිරීමෙන් දින කිහිපයකට පසුව සිදු වේ. කර්මාන්ත ඇස්තමේන්තු අනුව, මෙම කෙටි කාලීන ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 18ක් උපයාගෙන ඇත.
ජුනි 20 වන දින නිකුත් කරන ලද ‘KPop Demon Hunters’, ලොව ආරක්ෂා කිරීම සඳහා භූත දඩයම්කරුවන් (demon hunters) ලෙස රහසිගතව ක්‍රියා කරන, ‘Huntrix’ නම් ජනප්‍රිය K-pop ගර්ල් කණ්ඩායමක සාමාජිකාවන් තිදෙනෙකු වටා ගෙතී ඇත.
මෙම චිත්‍රපටය නිකුත් කිරීමෙන් පසු බොහෝ වාර්තා පිහිටුවා ඇත. පසුගිය මාසයේ, එය Netflix හි මෙතෙක් පැවති වැඩිපුරම නරඹන ලද මුල් සජීවිකරණ චිත්‍රපටය බව Netflix ප්‍රකාශ කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.