2014 සිට වසර තුනක් පුරා සාමාන්‍ය වැසියන් සමූලඝාතනය කිරීමෙන් පසු ISIL (ISIS) ත්‍රස්තවාදීන් විසින් ඉතිරි කරන ලද සමූහ මිනීවළක් (mass grave) ඉරාක නිලධාරීන් විසින් කැණීම් කිරීම ආරම්භ කර තිබෙනවා.
ඉරාක රාජ්‍ය පුවත් සේවය ඉරිදා (අගෝස්තු 17) වාර්තා කළේ, උතුරු නගරයක් වන මොසුල්ට (Mosul) දකුණින් පිහිටි අල්-ඛෆ්සාහි (al-Khafsa) කැණීම් කටයුතු සිදු කිරීම සඳහා දේශීය බලධාරීන් අධිකරණය, අධිකරණ වෛද්‍ය විමර්ශකයින්, ඉරාක මාටියර්ස් පදනම (Iraqi Martyrs Foundation) සහ සමූහ මිනීවළ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ කටයුතු කරමින් සිටින බවයි.
මීටර 150ක් (අඩි 500ක්) පමණ ගැඹුරු සහ මීටර 110ක් (අඩි 360ක්) පළල විශාල වළක් වන මෙම ස්ථානය, ISIS විසින් සිදු කරන ලද දරුණුතම සමූලඝාතනවලින් සමහරක් සිදු වූ ස්ථානය බවට විශ්වාස කෙරේ.
මුලදී, මෙම මෙහෙයුම දෘශ්‍යමාන මිනිස් සිරුරු කොටස් සහ මතුපිට සාක්ෂි රැස් කිරීමට පමණක් සීමා වන බවත්, සම්පූර්ණ කැණීමක් සඳහා ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය වන බවත් මාටියර්ස් පදනමේ සමූහ මිනීවළ කැණීම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අහමඩ් කුසෙයි අල්-අසාඩි (Ahmad Qusay al-Asady) පැවසීය.
ඉන් පසුව, පදනම විසින් දත්ත ගබඩාවක් නිර්මාණය කර සැක සහිත වින්දිතයින්ගේ පවුල්වලින් DNA සාම්පල එකතු කිරීම ආරම්භ කරනු ඇත. සල්ෆර් ජලය සහ පුපුරා නොගිය ආයුධ ඇතුළු ස්ථානයේ ඇති අන්තරායන් මඟහරවා ගැනීමට විශේෂඥ සහාය ලබා ගැනීමෙන් පසුව පමණක් සම්පූර්ණ කැණීම් සිදු කළ හැකිය. ජලය මගින් මිනිස් සිරුරු කොටස් ඛාදනය වී තිබිය හැකි අතර, එය DNA හඳුනාගැනීම සංකීර්ණ කරනු ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.