ඩොලර් බිලියන 4ක් ඉල්ලා HP සමාගම නඩු මගට

ඩොලර් බිලියන 4ක් ඉල්ලා HP සමාගම නඩු මගට

බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති මයික් ලින්ච් (Mike Lynch) ගෙන් ඩොලර් බිලියන 4ක වන්දියක් ඉල්ලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට සුප්‍රසිද්ධ ලැප්ටොප් සමාගමක් වන Hewlett Packard (HP) නිවේදනයක් නිකුත් කලේය. ඒ HP සමාගම විසින් 2011 වසරේදී, ඩොලර් බිලියන 11.1කට මිලදීගත් බ්‍රිතාන්‍ය තාක්ෂණික සමාගමක් වන Autonomy සමාගම සම්බන්ධයෙනි. Autonomy සමාගමේ සම- ආරම්භ (Co-founder) ලෙස කටයුතු කල ලින්ච් සිය සමාගමේ වටිනාකම ඉහල දැමීම සඳහා වංචනික ලෙස කටයුතු කල බව කියමින් HP ආයතනය මෙම නඩුව ගොනුකර තිබේ.

පසුගිය අගෝස්තුවේ සිසිලි වෙරළාසන්නයේ තම යාත්‍රාව ගිලීයාම හේතුවෙන් මියගිය ලින්ච් ඒ වනතුරුත් තමා වරදකරු ලෙස පිළිගෙන නොසිටියේය. එහිදී ඔහු සමඟ ඔහුගේ 18 හැවිරිදි දියණියද මියගිය අතර, බිරිඳ දිවිගලවා ගැනිමට සමත් විය.  ඔහුගේ මරණයද නොතකා නීතිමය ක්‍රියාමාර්ග දැඩිව ගන්නා බව HP සමාගම නිවේදනය කර සිටී.
2022 වසරේදීද ලින්ච් ට එරෙහිව HP ආයතනය විසින් සිවිල් නඩුවක් ගොණු කල අතර එය HP ආයතනය ජයග්‍රහණය කලේය. එම නඩුව ලින්ච්ට මෙන්ම Autonomy ආයතනයේ හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරී සුෂෝවන් හුසේන් යන දෙන්දෙනාටම එරෙහිව ගොණුවී තිබුනි.

උපුටා ගැනීම: https://www.channelnewsasia.com/business/hp-continue-us4-billion-damages-case-against-mike-lynch-4581796

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top