කමලා හැරිස්ගේ පළමු සම්මුඛ සාකච්ඡාව
එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව බවට පත්වීමෙන් පසු පවත්වානු ලබන පළමු සම්මුඛ සාකච්ඡාව අද දින, (2024/08/29) පවත්වයි. CNN හි Dana Bash විසින් මෙම සාකච්ඡාව පවත්වනු ලබන අතර ඊට Democratic පක්ෂ උප ජනාධිපති අපේක්ෂක, Minnesota ආණ්ඩුකාර Tim Walz ද සහභාගී වනු ඇත. ජෝර්ජියාවේ සවානා හි පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාව බ්‍රහස්පතින්දා(29) රාත්‍රියේ විකාශය වේ.
මේ වන තෙක් මාධ්‍ය හමුවක් හෝ සම්මුඛ සාකච්ඡාවක් නොපැවැත්වීම සම්බන්ධයෙන් හැරිස්ට විවේචන එල්ල වී තිබුණි. ජනාධිපති ජෝ බයිඩන් ජූලි මාසයේදී සිය මැතිවරණ ව්‍යාපාරය අවසන් කිරීමෙන් පසුව ඇයගේ (කමලා හැරිස්) සැලසුම් සාකච්ඡා කිරීමට සහ ඇගේ අතීත වාර්තාව පිළිබඳ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට ඇයට ලැබෙන පළමු අවස්ථාව මෙය වනු ඇත.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රිපබ්ලිකානුවන් ඇයට චෝදනා කළේ මාධ්‍ය මඟහරින බවටයි. මෙම සම්මුඛ සාකච්ඡාව සජීවීව නොපවත්වා, එය පූර්ව පටිගත කිරීමක් ලෙස සිදුකිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇයව විවේචනය කළ බව සඳහන් වේ. හැරිස්ගේ අවසන් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව ජුනි මාසයේදී පැවත්විනි.
තවද, ජනාධිපති අපේක්ෂකයින් අතර පළමු විවාදය සැප්තැම්බර් 10 වන දින ABC ප්‍රවෘත්ති ඔස්සේ පැවැත්වෙන බව BBC වාර්තා කරයි.
උපුටා ගැනීම: https://www.bbc.com/news/articles/c3ejw1kd7ndo