ගාසා තීරයේ දරුවන්ටත් පෝලියෝ එන්නත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ගාසා තීරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් එක්ව ළමුන් 640,000කට පෝලියෝ එන්නත , ලබාදීමේ ව්‍යාපාරයක් දියත් කරයි. වසර 25 කට පසු පළමු පෝලියෝ රෝගය ගාසා තීරයෙන් සොයා ගැනීමෙන් මෙම ව්‍යාපෘතිය හදිසි අවශ්‍යතාවයක් සේ සලකා ආරම්භ කරන ලදී. වෛරසය පාලනය නොකළහොත් පුළුල් ලෙස පැතිර යා හැකි බවට බියක් පවතින බව සෞඛය අංශ පවසයි. ඊශ්‍රායල හමුදා සහ හමාස් සටන්කරුවන් අතර පවතින ගැටුමේ කෙටි විරාමයන් මත මෙම එන්නත් කිරීමේ ව්‍යපාරය රඳා පවතින අතර පළමු අදියර මෙම ඉරිදා (01) ආරම්භ වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අවධාරණය කරන්නේ පෝලියෝ රෝගය පැතිරීම නැවැත්වීමට නම් අවම වශයෙන් වයස අවුරුදු 10 ට අඩු ළමුන්ගෙන් 90% කටවත් හැකි ඉක්මනින් එන්නත් කිරීම සිදු කළ යුතු බවයි. මෙම පෝලියෝ අර්බුදයේ සංකේතයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ වසරක් වයසැති,අර්ධ වශයෙන් අංශබාග තත්වයෙන් පීඩා විඳින ,අබ්දුල් රහ්මාන් නම් දරුවායි. යුධ ගැටුම් හේතුවෙන් එන්නත්කරණය මගහැරී යාමේ භයානක ප්‍රතිඵලයක් ලෙස එවැනි දරුවන් දැක්විය හැක.
දුර්වල සනීපාරක්ෂාව සහ ජනාකීර්ණ ජීවන තත්වයන්, ගාසා තීරයේ පෝලියෝ රෝගය පැතිරීමට ඉවහල් වී ඇත.UNICEF ඇතුළු එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය ආයතන එක්ව මිලියන ගණනක් එන්නත් මාත්‍රා ගෙන්වා ඇති අතර, ගාසා තීරය පුරා එන්නත් ස්ථාන පිහිටුවා ඇත. ස්ථීර එන්නත්කරන ස්ථාන 400 කට වැඩි ප්‍රමාණයක් සහ ප්‍රජා සත්කාරක ස්ථාන 230 කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වන මෙම ව්‍යාපෘතියට කම්කරුවන් 2,000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇති බව පැවසේ.
යුධ ගැටුම් හේතුවෙන් හානියට පත් මාර්ග සහ පවතින ආරක්ෂක අවදානම හේතුවෙන් මෙම ව්‍යාපාරය තරමක් අභියෝගාත්මක වී ඇත. වෛරසය ඉක්මනින් පාලනය නොකළහොත් ගාසා තීරයෙන් ඔබ්බට පෝලියෝ රෝගය පැතිර යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් අනතුරු අඟවයි. කෙසේ වෙතත් පවතින ගැටුම් නොතකා, මෙම එන්නත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමකරමින්, තවදුරටත් දරුවන් පෝලියෝ රොගයෙන් දුක් විඳීම වැලැක්වීමට බලාපොරොත්තු වන බව සෞඛය අංශ අවධාරණය කරයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි