දරුවන් රකින තැනත් ළමා අපයෝජකයෙක්
ඔස්ට්‍රේලියාවේ හිටපු ළමාරක්ෂක සේවකයෙක් වන 46 හැවිරිදි Ashley Paul Griffith වසර 20ක කාලයක් තුළ තරුණියන් දුසිම් ගනනක් දූෂණය කර ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබේ. ඔහු 2003 සිට 2022 දක්වා කාලය තුළ බ්‍රිස්බේන් සහ ඉතාලියේ ළමා සුරැකුම් මධ්‍යස්ථානවලදී වැරදි 307ක් සිදු කර ඇත. ඔහුට ගොදුරු වූවන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 12ට අඩු දරුවන් වූහ.
ග්‍රිෆිත්ගේ අපරාධවලට ස්ත්‍රී දූෂණ 28 ක්, ළමයින්ට දරුණු ලෙස සැලකීම් 190 ක් සහ ළමා අපයෝජන වීඩියෝපට නිර්මාණය කිරීම සහ බෙදා හැරීම ආදිය ඇතුළත් වේ. ඔහුට විරුද්ධව ඇති චෝදනා අධිකරණයේ කියවීමට පැය දෙකකට වැඩි කාලයක් ගත වූ බව පැවසේ. ඔහුගේ ක්‍රියාව ඔස්ට්‍රේලියාවේ මෙතෙක් කලකට දැක ඇති භයානකම ක්‍රියාවක් ලෙස නීතිවේදීන් පෙන්වා දේ.
මෙම සිද්ධීන්ට මුහුණ දුන් වින්දිතයින්ගේ පවුල් උසාවියට පැමිණ සිටි අතර ඇතැම් දෙමාපියන් තම දරුවන්ට සිදුව ඇති අතවරයන් මුල් වරට අනාවරණය කරගත්තේ එහිදීය. එක් මවක් ළමා සුරැකුම් මධ්‍යස්ථානය හැඳින්වූයේ “ත්‍රාසජනක කාමරයක්” ලෙස වන අතර, ග්‍රිෆිත්ගේ අපරාධ මෙතරම් කලක් නොදැන සිටීම ගැන කෝපයෙන් ප්‍රතිචාර දැක්වීය.
ග්‍රිෆිත් 2022 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු විසින් අපයෝජනය කිරීමේ පින්තූර සහ වීඩියෝ දහස් ගණනක් අඳුරු වෙබ් (Dark Web) තුලින් පොලිසිය සොයා ගැනීමෙන් පසුවය. විමර්ශකයින් එම වීඩියෝවල දක්නට ලැබෙන විශේෂිත ඇඳ ඇතිරිලි හඳුනාගනිමින් ඔහු වරදකරු ලෙස හඳුනාගෙන ඇත. ඔහුට මුලින් වැරදි 1,600 කට වැඩි ප්‍රමාණයක් චෝදනා තිබූ අතර, පසුව බොහෝ චෝදනා ඉවත් වී ඇත. ග්‍රිෆිත් මේවන විටත් අත්අඩංගුවේ පසුවන අතර තවම දඬුවම් තීරණය කර නොමැත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි
https://www.bbc.com/news/articles/c9v83rk38m8o