ට්‍රම්ප් පරිපාලනය තවත් රටවල් 36කට ඇමෙරිකානු සංචාරක තහනම දීර්ඝ කිරීමට සූදානමක්
ට්‍රම්ප් පරිපාලනය විසින්, පවතින සංචාරක තහනම තවත් රටවල් 36ක් දක්වා පුළුල් කිරීමට සලකා බලමින් සිටින බව වාර්තා වේ. මේ අනුව, එම රටවලට අයත් පුද්ගලයන්ට එක්සත් ජනපදයට ඇතුළුවීමට අවසර නොලැබෙනු ඇති අතර, ඔවුන්ගේ රටවල් දින 60ක් ඇතුළත ඇතැම් ගැටලු නිරාකරණය කර ගත යුතු බවට වාර්ථාකරයි.
මෙම තහනම ක්‍රියාත්මක කරනු ලබන්නේ ත්‍රස්තවාදීන්ගෙන් සහ වෙනත් තර්ජනවලින් රට ආරක්ෂා කර ගැනීම සඳහා බව එක්සත් ජනපද රජය පවසයි. මෙහිදී අවධානය යොමු කර ඇති කරුණු අතරට:
* දුර්වල හෝ විශ්වාස කළ නොහැකි ගමන් බලපත්‍ර.
* එක්සත් ජනපදයේ සංක්‍රමණ නීති සමඟ සහයෝගය නොදැක්වීම.
* එම රටවල පුද්ගලයන් හඳුනා ගැනීමේ දුෂ්කරතා.
* සමහර පුරවැසියන් ත්‍රස්තවාදී හෝ ඇමරිකානු විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම යන කරුණු අවධාරණය කර ඇත.
එක්සත් ජනපදය විසින් ඉරානය, සෝමාලියාව සහ යේමනය ඇතුළු රටවල් 12කට දැනටමත් සංචාරක තහනමක් පනවා ඇති අතර. දැන්, නයිජීරියාව, ඊජිප්තුව, උගන්ඩාව සහ භූතානය වැනි තවත් අප්‍රිකානු, ආසියානු සහ පැසිෆික් කලාපීය රටවල් මෙම ලැයිස්තුවට එක් වීමට ඉඩ ඇති බවට වාර්තාවේ.
මෙය, කල්ලි සාමාජිකයන් පිටුවහල් කිරීම සහ විදේශීය සිසුන් සඳහා වීසා සීමා කිරීම වැනි ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණ ප්‍රතිපත්තිවල කොටසකි. ඇමරිකානුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරණුලබයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.