ඊශ්‍රායල-ඉරාන ගැටුම ගෝලීය වෙළෙඳපොළට භීතියක් ගෙන එයි

ඊශ්‍රායල-ඉරාන ගැටුම ගෝලීය වෙළෙඳපොළට භීතියක් ගෙන එයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ආතතීන් උත්සන්න වීම, ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කර තිබේ. දින තුනක් පුරා දෙරට එකිනෙකාට ප්‍රහාර එල්ල කරමින් පවතින අතර, එය ඉක්මනින් නතර වීමේ ලකුණු මේ වනතෙක් දක්නට නොමැත.

මෙම ගැටුමේ විශාලතම බලපෑම මෙතෙක් එල්ල වී ඇත්තේ තෙල් මිල කෙරෙහි වන අතර, සිකුරාදා වන විට එය 7%කට වඩා ඉහළ ගොස් ඇත.
ඉරානයෙන් ලැබෙන තෙල් සැපයුම අවහිර වුවහොත්, තෙල් මිල බැරලයක් ඩොලර් 120 ඉක්මවා යාමට ඉඩ ඇත.

ආයෝජකයින් සැක පල කරන්නේ ගැටුම ව්‍යාප්ත වී මැදපෙරදිගින් ලැබෙන තෙල් සැපයුමට බලපෑම් එල්ල වනු ඇති බවටයි. රත්‍රන් සහ එක්සත් ජනපද ඩොලරය වැනි ආරක්ෂිත ආයෝජනවල වටිනාකම ද ඉහළ ගොස් ඇති අතර, උද්ධමන බිය හේතුවෙන් රජයේ බැඳුම්කරවල වටිනාකම පහත වැටී ඇත. බිට්කොයින් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
මැදපෙරදිග කොටස් වෙළෙඳපොළවල් ඉරිදා දිනයේදී පහත වැටුණු අතර එය ඊජිප්තුවට සහ සෞදි අරාබියට දැඩි බලපෑමක් එල්ල විය.
නමුත් ඇතැම් ඊශ්‍රායල ආරක්ෂක සමාගම්වල වටිනාකම ඉහළ ගොස් තිබේ.

විශේෂඥයින් පවසන්නේ, ගැටුම අඛණ්ඩව පැවතුනහොත් හෝ උත්සන්න වුවහොත්, එය මෑතකදී හොඳින් ක්‍රියාත්මක වන පසුබිමක තිබූ ගෝලීය කොටස් වෙළෙඳපොළට හානි විය හැකි බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු Bloomberg අනුග්‍රහයෙනි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top