Claire’s සමාගම බංකොලොත් භාවයට: රැකියා 2,150ක් අහිමි වීමේ අවදානමක්

සුප්‍රකට විලාසිතා උපාංග අලෙවිසැල් දාමය වන Claire’s සමාගම, එක්සත් රාජධානියේ (UK) සහ අයර්ලන්තයේ (Ireland) බංකොලොත් භාවයට පත් වී ඇති අතර, එයින් රැකියා 2,150ක් අහිමි වීමේ අවදානමක් පවති. එක්සත් රාජධානියේ වෙළඳසැල් 278ක් සහ අයර්ලන්තයේ 28ක් ඇති මෙම සමාගම,  අඩුවන විකුණුම් සහ දැඩි තරඟකාරීත්වය හේතුවෙන් අසීරුතාවන්ට මුහුණ දී සිටි.

විශේෂයෙන්ම කන් විදින සේවා (ear piercing services) සඳහා ප්‍රසිද්ධ Claire’s සමාගම, 2000 දශකයේ මුල් භාගයේදී ලොව පුරා තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය විය. ඔවුන්ගේ වෙළඳසැල්, විවිධ වර්ණවලින් යුත් hair bands, කරාබු, ස්වර්ණාභරණ, සහ ස්ලයිම් (slime) හා සෙල්ලම් බඩු වැනි දේ සඳහා ප්‍රසිද්ධියක් උසුලා ඇත.

සමාගම තවදුරටත් භාණ්ඩ සඳහා මුදල් ආපසු ලබා දීමක් හෝ අන්තර්ජාල ඇණවුම් භාර ගැනීමක් සිදු නොකරන බවද පවසා ඇත. භාණ්ඩ යැවූ විට පමණක් පාරිභෝගිකයින්ගෙන් මුදල් අය කර ගන්නා බව පවසන නිසා, අන්තර්ජාල ඇණවුම් ලබා දීමට නොහැකි වූ පාරිභෝගිකයින්ට මුදල් අහිමි නොවන බව පැවසීය. මුදල් ආපසු ලබා දිය නොහැකි අවස්ථාවන්හිදී, පාරිභෝගිකයින්ට වෙනත් මුදල් ආපසු ලබා ගැනීමේ ක්‍රම සඳහා ඔවුන්ගේ කාඩ්පත් නිකුත් කරන්නන්සමඟ පරීක්ෂා කළ යුතු බව Claire’s සමාගම වැඩිදුරටත් පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top