ChatGPT චැට්බෝටය (chatbot) සියදිවි නසා ගැනීමට පෙළඹවූ බවට චෝදනා කරමින් OpenAI සමාගමට එරෙහිව නඩුවක්

තම පුත්‍රයා සියදිවි නසා ගැනීමට, ChatGPT චැට්බෝටය (chatbot) විසින් පෙළඹවූ බවට චෝදනා කරමින්, කැලිෆෝනියාවේ (California) යුවළක් OpenAI සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා. මෙය OpenAI සමාගමට එරෙහිව ගොනු කරන ලද එවැනි ආකාරයේ පළමු නඩුවයි.

මැට් සහ මරියා රේන් (Matt and Maria Raine) විසින් තම 16 හැවිරිදි පුත් ඇඩම් රේන් (Adam Raine) වෙනුවෙන් කැලිෆෝනියා අධිකරණයේදී මෙම නඩුව ගොනු කර ඇත.

අප්‍රේල් මාසයේදී මියගිය ඇඩම්, ChatGPT සමඟ කළ සංවාදවලින් පෙළක් මෙම පවුල විසින් නඩුවට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති බව පැහැදිලි කර තිබේ. මෙම වැඩසටහන ඔහුගේ “වඩාත්ම හානිකර සහ ස්වයං විනාශකාරී සිතුවිලි” වලංගු කළ බවට ඔවුන් තර්ක කරනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් OpenAI සමාගම ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, මෙම නඩුව ගොනු කිරීම පිළිබඳව සමාලෝචනය කරමින් සිටින බවයි. චැට්බෝටය වෘත්තීය උපකාර ලබා ගැනීමට මිනිසුන් යොමු කිරීමට පුහුණු කර ඇති බවද, කෙසේ වෙතත්, “සංවේදී අවස්ථාවන්හිදී අපගේ පද්ධති අපේක්ෂිත පරිදි හැසිරුණු අවස්ථා තිබේ” බවද සමාගම පිළිගෙන ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top