Apple සමාගම චිප්ස් (Chips) සඳහා ඇමරිකාවේ අතිරේක ඩොලර් බිලියන 100ක් ආයෝජනය කරයි

තාක්ෂණික සමාගමක් වන ඇපල් (Apple) විසින් එක්සත් ජනපදයේ (United States) ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 100කින් ඉහළ නංවා ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) නිවේදනය කර තිබෙනවා.

Apple ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් (Tim Cook) හමුවේ ට්‍රම්ප් පවසා ඇත්තේ, මෙම වැඩි වූ ආයෝජනයට හේතුව ඔහුගේ “America First” ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය බවයි. ඇපල් සමාගම ඉදිරි වසර හතර තුළ සිදු කිරීමට අපේක්ෂා කරන සමස්ත ආයෝජනය ඩොලර් බිලියන 600ක් බව ද ඔහු සඳහන් කර ඇත.

ට්‍රම්ප් තාක්ෂණික අංශයේ සහ අනෙකුත් කර්මාන්තවල දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට උත්සාහ කරන අතර, විදේශයන්හි ව්‍යාපාර කරගෙන ගියහොත් සමාගම්වලට දැඩි තීරුබදු (tariffs) පනවන බවට තර්ජනය කර ඇත. ට්‍රම්ප් පවසා ඇත්තේ, එක්සත් ජනපදයට පැමිණෙන ඕනෑම ආනයනික චිප්ස් සහ අර්ධ සන්නායක (semiconductors) සඳහා 100%ක පමණ තීරුබදුවක් පනවන බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top