තායිලන්තයට තිලාපි ආක්‍රමණයක්.
බටහිර අප්‍රිකාවේ සිට පැමිණි Blackchin tilapia නමැති මත්ස්‍යයා එරට ජල මාර්ග හරහා ව්‍යාප්ත වී පළාත් 17කට එහි බලපෑමට ලක්වීම හේතුවෙන් තායිලන්තය ඉතා බරපතළ ගැටලුවකට මුහුණදෙමින් සිටී. සැලකිය යුතු පාරිසරික හානියක් සිදු කරමින් මෙතෙක් තායිලන්තයට පහර දුන් වඩාත්ම ආක්‍රමණශීලී විශේෂය මෙය බව නිලධාරීහු පවසති. තායිලන්තයේ ජලජීවී වගා කර්මාන්තයට ඉතාමත් වැදගත් වන කුඩා මසුන්, ඉස්සන් සහ ගොළුබෙල්ලන් මෙම මත්ස්‍යයා ගොදුරු කර ගනී. රජය විසින් මෙම මසුන් ඇල්ලීමට මිනිසුන් දිරිමත් කර ඇති අතර තිලාපියාගේ ස්වභාවික විලෝපිකයන් පවා පරිසරයට මුදා හැර ඇත්තේ තිලාපි ගහණය අඩු කිරීමටය. නමුත් මෙම මත්ස්‍යයන් ඉක්මනින් ප්‍රජනනය වන නිසා මේ වනවිට එය පාලනය කිරීම දුෂ්කර වී ඇත.
මෙම ප්‍රශ්නයට එරෙහිව සටන් කිරීම සඳහා, බලධාරීන් විසින්, මත්ස්‍ය ගහනය වර්ධනය නැවැත්වීමට, ජානමය වශයෙන් වෙනස් කරන ලද බ්ලැක්චින් තිලාපියන් යොදාගැනිමටද කටයුතු කර ඇත. එම තිලාපියන්ට වර්ගයා බෝ කිරීමෙ හැකියාවක් නොමැති අතර එමගින් මත්ස්‍ය ගහනය අඩු කිරීමට හැකි බව විශේෂඥයින්ගේ අදහසයි.
මෙම ගැටළුවේ මූලාරම්භය , ඝානාවෙන් මාළු ආනයනය කරන ලද විශාල තායි සමාගමක් වන Charoen Pokphand Food (CPF) විසින් 2010 දී සිදු කරන ලද අත්හදා බැලීමක අනිසි ප්‍රතිඵලයක්දැයි යන්න විමර්ශනය වෙමින් පවතී. CPF ආයතනය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් තම අත් හදා බැලිමට බාවිතා කල මත්ස්‍යයින් සියල්ල මියගිය බව ප්‍රකාශ කර සිටී.
බ්ලැක්චින් තිලාපියා ව්‍යාප්තිය පාලනය කිරීම කෙරෙහි දැන් අවධානය යොමු වී ඇති නමුත් විශේෂඥයින් අනතුරු අඟවන්නේ ආක්‍රමණශීලී විශේෂයක් ස්ථාපිත වූ පසු එය ඉවත් කිරීම ඉතා අපහසු බවයි. මෙම තත්ත්වය තායිලන්තයේ පරිසරයට මෙන්ම ආර්ථිකයටද සැලකිය යුතු අභියෝගයක් බව එරට බලධාරීන් පෙන්වා දේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි