ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙයි – සාමාන්‍ය නිවසක් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1 ඉක්මවයි
ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නව දත්ත වලට අනුව, ඕස්ට්‍රේලියාවේ නිවසක සාමාන්‍ය මිල පළමු වරට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1 (ඇමරිකානු ඩොලර් 652,000 පමණ) ඉක්මවා ගොස් ඇත. මෙය රටේ නිවාස අර්බුදය කෙතරම් බරපතල වී ඇත්දැයි පෙන්නුම් කරයි.
2025 මේ වසරේ මුල් මාස තුන තුළ සාමාන්‍ය නිවාස මිල ඕස්ට්‍රේලියානු ඩොලර් 1,002,500 දක්වා ළඟා වූ අතර එය පෙර කාර්තුවට වඩා 0.7% ක වැඩිවීමකි. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වඩාත්ම මිල අධික නිවෙස් තිබෙන ප්‍රදේශය ලෙස සිටින අතර එහි සාමාන්‍ය මිල ඕස්ට්‍රේලියානු ඩොලර් 1,200,000 ක් වන අතර, පසුව ක්වීන්ස්ලන්තයේ සාමාන්‍ය නිවාස මිල ඕස්ට්‍රේලියානු ඩොලර් 945,000 කි.
විශේෂඥයන් පවසන්නේ නිවෙස් පිරිවැය ඉහළ යාමට හේතු වී ඇත්තේ නිවෙස් හිඟය, ජනගහණය වේගයෙන් වැඩිවීම, දේපළ ආයෝජකයින්ට ලබාදෙන බදු වාසි සහ සමාජ නිවාස සඳහා ප්‍රමාණවත් ආයෝජනයක් නොමැති වීම බවයි.
කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු නිවාස හා නාගරික පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා වන Michael Fotheringham සඳහන් කළේ මෙය අවුරුදු ගණනාවක් පුරා දිග හැරුණු ප්‍රවණතාවයක ප්‍රතිඵලයක් බවයි. ඔහු පවසන්නේ මේ අර්බුදය අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් නොව මධ්‍යම ආදායම් ලබන පවුල්වලටද බලපාන බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඕස්ට්‍රේලියාව දැන් ලෝකයේ නිවාස සඳහා වඩාත්ම දැරිය නොහැකි රටවල් අතරට එක් වී ඇති බවත් මෑත වසරවලදී කුලියට නිවාස සොයා ගැනීම ද ගැටලුවක් වී ඇත්තේ ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් සමාජ නිවාස නොමැති වීම හේතුවෙන් බවත්ය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි