2025 වසරේ ලෝකයේ ආරක්ෂිතම රටවල් පහ එළිදැක්වෙයි

ලොව පුරා මතුවන ගැටුම් හේතුවෙන් ව්‍යාකූල වූ වසරක් වුවද, 2025 ගෝලීය සාම දර්ශකය (Global Peace Index) අනුව ලෝකයේ ආරක්ෂිතම සහ සාමකාමීම ජාතීන් පහක් පිළිබඳව අනාවරණය වී තිබේ. ආර්ථික විද්‍යා හා සාමය සඳහා වූ ආයතනය (Institute for Economics & Peace) විසින් නිර්මාණය කරන ලද මෙම දර්ශකය, ආරක්ෂාව, පවතින ගැටුම් සහ හමුදාකරණය වැනි දර්ශක 23ක් හරහා රටවල සාමය මනිනු ලබයි.

මෙම ලැයිස්තුවේ පළමු තැන ලැබී ඇත්තේ අයිස්ලන්තයටයි. 2008 වසරේ සිටම මෙම රට ලෝකයේ සාමකාමීම රට ලෙස හැඳින්වේ. එහි අපරාධ ඉතා අඩු අතර, පොලිස් නිලධාරීන් පවා ආයුධ භාවිතා නොකරන බවත්. එහි ජනතාව රාත්‍රියේදී පවා තමන් ආරක්ෂිත බව හැඟෙන පරිදි සාමකාමී බව වාර්තාවේ. 

දෙවන ස්ථානයට පත්ව ඇත්තේ අයර්ලන්තයයි. අතීතයේ ගැටුම් පැවතියත්, දැන් එය ඉතා සාමකාමී රටක් බවට පත්ව ඇත. එහි මිත්‍රශීලී ජනතාව සහ සමාජ සහයෝගය මේ සඳහා විශාල වශයෙන් බලපා ඇතිබව වාර්තාවේ

තෙවන ස්ථානයේ සිටින්නේ නවසීලන්තයයි. දැඩි ගිනි අවි නීති සහ ජනතාව අතර ඇති ශක්තිමත් විශ්වාසය නිසා මෙය ආරක්ෂිත බවත් දිගු කලක් තිස්සේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඔස්ට්‍රියාව හතරවන ස්ථානයටත්, ඒ හා සමාන ස්ථාවරත්වයක් සහ ආරක්ෂාවක් සහිත ස්විට්සර්ලන්තය පස්වන ස්ථානයටත් පත්ව ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top