ගූගල් (Google) සහ ඇපල් (Apple) ඇතුළු තාක්ෂණික දැවැන්තයින්, ඔවුන්ගේ වේදිකාවල සිදුවන ළමා ලිංගික අපයෝජන (child sex abuse) මැඩලීමට පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවට ඕස්ට්‍රේලියාවේ (Australia) අන්තර්ජාල නියාමන ආයතනය චෝදනා කරයි.
නිකුත් කරන ලද වාර්තාවක eSafety කොමසාරිස් ජූලී ඉන්මන් ග්‍රාන්ට් (Julie Inman Grant) පැවසුවේ, තාක්ෂණික වේදිකා දරුවන් ආරක්ෂා කිරීමට විවිධ පියවරයන් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවයි. ඒවා අතර, දැනට පවතින අපයෝජන අන්තර්ගතයන් සඳහා cloud services පරිලෝකනය කිරීම සහ පණිවිඩ සේවාවල ලිංගික අල්ලස් ගැනීම් (sexual extortion) හඳුනා ගැනීමට භාෂා විශ්ලේෂණ මෙවලම් භාවිතා කිරීම වැනි ක්‍රියාමාර්ග ඇතුළත් වේ. ඇය පැවසුවේ, ඇපල් සහ ගූගල් සතු යූටියුබ් (YouTube) විසින් ළමා ලිංගික අපයෝජන පිළිබඳ වාර්තා සොයා බැලීමට අපොහොසත් වූ බවත්, ලැබුණු වාර්තා වලට ප්‍රතිචාර දැක්වීමට කොපමණ කාලයක් ගත වූවාද යන්න පැවසීමට නොහැකි වූ බවත්ය.
සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයන් වඩාත් දරුණු හානිවලින් ආරක්ෂා කිරීමේ වගකීම ඉටු කිරීම සඳහා සමස්ත තාක්ෂණික කර්මාන්තයටම අඛණ්ඩව බලපෑම් කළ යුතු බවත් මෙම වරින් වර නිකුත් කරන නිවේදන සැලසුම් කර ඇත්තේ එය දිරිමත් කිරීමට බවත් ඇය ප්‍රකාශ කර ඇත.
වසර තුනකට පෙර ඉල්ලා සිටියද, මෙම හානිවලට එරෙහිව සටන් කිරීමට AI (artificial intelligence) තාක්ෂණයන් තිබියදීත්, ළමා ලිංගික අපයෝජන ඉහළ යමින් පවතින බවට ඇති සාක්ෂි තිබියදීත් සමාගම් කිසිදු පියවරක් ගෙන නොමැති බව ග්‍රාන්ට් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.