හොඳ සෞඛ්‍යයටත්, අහිතකර බලපෑම්වලටත් හේතුවන පාරජම්බුල (UV) කිරණ

උණුසුම් කාලගුණය සමඟ බොහෝ විට ඉහළ පාරජම්බුල (UV) කිරණ මට්ටම් වාර්තා වේ. සූර්යයා මගින් නිකුත් වන මෙම පාරජම්බුල කිරණ පෘථිවි වායුගෝලය විනිවිද යයි. අපගේ යහපැවැත්ම සඳහා යම් ප්‍රමාණයක පාරජම්බුල කිරණ නිරාවරණය අත්‍යවශ්‍ය වුවද, අධික ලෙස නිරාවරණය වීමෙන් සමට හානි සිදුවිය හැකිය.

පාරජම්බුල කිරණ ප්‍රයෝජනවත් වන්නේ, අපගේ සමට අස්ථි, රුධිර සෛල සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය විටමින් D නිපදවීමට ඒවා උපකාරී වන බැවිනි. නමුත් අප හිරු එළියේ ගත කරන කාලය පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ශාන්ත ජෝර්ජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩොරති බෙනට් මහත්මිය අනතුරු අඟවයි.

පාරජම්බුල කිරණවලට සෑම නිරාවරණයක්ම, විශේෂයෙන් සෑම හිරු රශ්මියෙන් පිලිස්සීමක්ම, අපගේ සමේ පිළිකා අවදානම වැඩි කරයි. වඩාත් භයානක සමේ පිළිකාවක් වන මෙලනෝමා (Melanoma), දැන් එක්සත් රාජධානියේ පස්වන වඩාත් පොදු පිළිකාව වන අතර, එහි අඛණ්ඩ වැඩිවීම හිරු රශ්මියට නිරාවරණය වීම (sunbathing) නිසා සිදුවන බවට සැලකේ.”

පාරජම්බුල කිරණ සමේ සෛලවල DNA වලට හානි කිරීමෙන් සමේ පිළිකා ඇතිවීම ප්‍රවර්ධනය කරයි. එමෙන්ම එය සමේ වයස්ගත වීමට, රැලි වැටීම් සහ ලිහිල් වූ සමට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. පාරජම්බුල කිරණවලට නිරාවරණය වීම ඇසේ සුද (cataracts) ඇතුළු අක්ෂි ගැටළු සමඟ සම්බන්ධ වී ඇත. එබැවින්, ඔබේ සම සහ ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා හිරු එළියේ ගත කරන කාලය පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top