හිමාල කලාපයේ හදිසි ගංවතුරකින් 4ක් මිය යයි, 100ක් අතුරුදහන්

ඉන්දියාවේ (India) හිමාල කලාපයේ (Himalayan region) නගරයකට ඇති වූ හදිසි ගංවතුරක් සහ මඩ පහරක් හේතුවෙන් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් ඇති අතර, සොල්දාදුවන් 11 දෙනෙකු ඇතුළු 100ක් පමණ අතුරුදහන්ව සිටින බව වාර්තා වේ.

කළු මුහුදට සමාන මඩ සහිත වතුර කන්දක් පටු කඳු නිම්නයක් දිගේ ගලා යමින් උත්තරාකන්ඩ් (Uttarakhand) ප්‍රාන්තයේ ධරාලි (Dharali) නගරයට කඩා වැදීමෙන් ගොඩනැගිලි කඩා බිඳ දමා ඇත. මෙය බරපතල තත්ත්වයක්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සංජේ සේත් (Sanjay Seth) පවසා ඇත.

සංජේ සේත් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, මරණ හතරක් සහ අතුරුදහන් වූ පුද්ගලයන් 100ක් පමණ ගැන තොරතුරු ලැබී තිබෙන බවත්, ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවත්ය.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top