හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩක රිකී හැටන් අභාවප්‍රාප්ත වෙයි

හිට්මෑන්‘ (the Hitman) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ, සැහැල්ලු වෙල්ටර්වේට් සහ වෙල්ටර්වේට් පංතිවල ලෝක ශූරතා දිනූ, බ්‍රිතාන්‍යයේ වඩාත් ජනප්‍රිය බොක්සිං ක්‍රීඩකයෙකු වූ රිකී හැටන් වයස අවුරුදු 46 දී මිය ගොස් තිබේ. ඔහුගේ සිරුර ඉරිදා මැන්චෙස්ටර්හි පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයා ගෙන ඇත.

වසර 15 විශිෂ්ට වෘත්තීය ජීවිතය තුළ වෘත්තීයමය තරග 48න් 45ක්ම ජයග්‍රහණය කළ හැටන් අවසන් වරට වෘත්තීයමය වශයෙන් තරග කළේ 2012 වසරේදීය.

හැටන් කොස්ටියා සිසියු (Kostya Tszyu) සහ හෝසේ ලුයිස් කැස්ටිලෝට (Jose Luis Castillo) එරෙහිව සැලකිය යුතු ලෝක ශූරතා ජයග්‍රහණ ලබා ගත් අතර, පසුව ෆ්ලොයිඩ් මේවෙදර් (Floyd Mayweather) සහ මැනී පැකියාඕ (Manny Pacquiao) හමුවේ පරාජය වී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top