හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් (Dmitry Medvedev) ගේ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump), න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් සුදුසු කලාපවල ස්ථානගත කිරීමට නියෝග කළ බව වාර්තා වේ.
මෑතකදී මෙද්වෙදෙව්, යුක්‍රේනයේ (Ukraine) සටන් විරාමයකට එකඟ නොවුවහොත් හෝ දැඩි සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප් මොස්කව් (Moscow) වෙත දුන් අවසන් නිවේදනයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදයට තර්ජනය කර තිබුණා. රුසියාව සහ එක්සත් ජනපදය ලෝකයේ වැඩිම න්‍යෂ්ටික අවි ප්‍රමාණයක් හිමි කරගෙන සිටින අතර, රටවල් දෙකටම න්‍යෂ්ටික සබ්මැරීන බලඇණියක් හිමිය.
එක්සත් ජනපද ජනාධිපතිවරයා, ඔහු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන හෝ න්‍යෂ්ටික සන්නද්ධ සබ්මැරීන ගැන සඳහන් කරන්නේද යන්න Truth Social හි ඔහුගේ පෝස්ට් එකේ සඳහන් කර නොමැති අතර එක්සත් ජනපද හමුදා ප්‍රොටෝකෝලයට අනුකූලව, සබ්මැරීන දෙක යොදවන්නේ කොතැනටද යන්න ද ඔහු සඳහන් කර නොමැත.
ක්‍රෙම්ලිනය (Kremlin) මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කර නැත, නමුත් ට්‍රම්ප්ගේ ප්‍රකාශවලින් පසුව මොස්කව් කොටස් වෙළඳපොළ තියුනු ලෙස පහත වැටී ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.