බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ, හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු කර තිබේ. බොල්සොනාරෝට එරෙහිව නඩු විභාගය පැවැත්වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනාගෙන් හතර දෙනෙකුම ඔහු වරදකරු බවට තීන්දු කර ඇත. එක් විනිසුරුවරයෙක් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට ඡන්දය ප්‍රකාශ කර ඇත.
මෙම 70 හැවිරිදි නායකයා 2022 මැතිවරණයෙන් ඔහුගේ ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා හමුවේ පරාජය වීමෙන් පසුව, බලයේ රැඳී සිටීම අරමුණු කරගත් කුමන්ත්‍රණයක් මෙහෙයවීම සම්බන්ධයෙන් වරදකරු වී ඇත.
හමුදා කුමන්ත්‍රණයක් කිරීමට තැත් කිරීම, සන්නද්ධ අපරාධ සංවිධානයක් මෙහෙයවීම, ප්‍රජාතන්ත්‍රවාදී නීතිය ප්‍රචණ්ඩ ලෙස අහෝසි කිරීමට තැත් කිරීම සහ 2023 ජනවාරි 8 වන දින බ්‍රසීලියා හි ගොඩනැගිලිවලට කඩා වැදීමේදී දේපළවලට හානි කිරීම සම්බන්ධ තවත් චෝදනා දෙකක් ඇතුළුව, සියලුම චෝදනා පහ සම්බන්ධයෙන් ඔහු වරදකරු බව තීන්දු කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.