ගාසා තීරයේ (Gaza) රඳවාගෙන සිටින ඊශ්‍රායල සිරකරුවන්ට (Israeli captives) ආධාර ලබා දීම සඳහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට (International Committee of the Red Cross – ICRC) අවස්ථාව ලබා දීමට හමාස් (Hamas) සංවිධානය එකඟ වී තිබෙනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ජිනීවා (Geneva) මූලස්ථානය කරගත් මෙම ජාත්‍යන්තර සංවිධානයට මැදිහත් වන ලෙස ඉල්ලා සිටීමෙන් පසුව මෙම තීරණයට එළැඹිණි.
නෙතන්යාහු කියා සිටියේ, තමා ඊශ්‍රායලයේ ICRC දූත පිරිසේ ප්‍රධානී ජූලියන් ලාර්සන් (Julian Larson) සමඟ කතා කළ බවත්, ගාසා තීරයේ තවමත් රඳවාගෙන සිටින සිරකරුවන්ට ආහාර සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා සංවිධානයේ “වහාම මැදිහත් වීම” ඉල්ලා සිටි බවත්ය.
පසුව, හමාස්හි සන්නද්ධ අංශය වන කසාම් බලකායේ (Qassam Brigades) ප්‍රකාශක, අබු ඔබෙයිඩා (Abu Obeida) නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ගාසා තීරයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල සිරකරුවන් “අපගේ සටන්කරුවන් සහ අපගේ සියලුම ජනතාව අනුභව කරන දේම අනුභව කරන” බවයි.
නමුත් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, සිරකරුවන්ට ආධාර කිරීම සඳහා කරන ඉල්ලීම් භාර ගැනීමට නම්, “ගාසා තීරයේ සියලුම ප්‍රදේශවල සිටින අපගේ සියලුම ජනතාව වෙත ආහාර සහ ඖෂධ ගමන් කිරීම සඳහා මානුෂීය කොරිඩෝව (humanitarian corridors) සාමාන්‍ය සහ ස්ථිර ආකාරයකින් විවෘත කළ යුතු බවයි.”
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.