සෞදි අරාබියේ විනෝද යාත්‍රාවක් කැඩීයාමෙන් 23 දෙනෙකුට තුවාල

සෞදි අරාබියේ (Saudi Arabia) ජෙඩා (Jeddah) නගරය ආසන්නයේ ටායිෆ් (Taif) හි අල්-හදා (Al-Hada) ප්‍රදේශයේ විනෝද උද්‍යානයක තිබූ යාත්‍රාවක් අහසේදී කැඩී යාමෙන්, එහි ගමන් කළ මගීන් බිම වැටී 23 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් වාර්තා කර ඇත.

360 Big Pendulum ලෙස හැඳින්වෙන මෙම යාත්‍රාව ක්‍රියාත්මක වෙමින් තිබියදී කැඩී ගොස් ඇති අතර, මගීන් සිටි වෘත්තාකාර කොටස යාත්‍රාවේ අනෙක් කෙළවරේ වැදී පසුව බිමට වැටී ඇත.

මෙම ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා වන සෞද් බින් නහාර් බින් සෞද් බින් අබ්දුල් අසීස් (Saud bin Nahar bin Saud bin Abdulaziz) කුමරු, මෙම අනතුර පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන අතරතුර, විනෝද උද්‍යානය වහාම වසා දමන ලෙස නියෝග කර තිබෙනවා.

උපුටා ගැනීම: සියළු තොරතුරු NDTV ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top