සුපිරි R&B ගායක ඩී’ඇන්ජලෝ (D’Angelo) වයස 51දී දිවියෙන් සමුගනී!

ග්‍රැමී සම්මානලාභී, විශිෂ්ට R&B සහ සෝල් ගායකයෙකු වන ඩී’ඇන්ජලෝ (D’Angelo) පිළිකා රෝගී තත්ත්වයකින් පසුව වයස අවුරුදු 51 දී අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ අය නිවේදනය කර ඇත.

R&B, හිප්-හොප් සහ ජෑස් ඇතුළු විවිධ සංගීත ශෛලීන් මිශ්‍ර කළ “නියෝ-සෝල්” (neo-soul) සංගීත ප්‍රභේදයේ පුරෝගාමියෙකු ලෙස මෙම බලගතු ගායකයා ප්‍රසිද්ධ විය. ඔහු නිකුත් කළ ඇල්බම තුනෙන් ග්‍රැමී සම්මාන හතරක් දිනා ගැනීමට ඔහුට හැකි විය. ඔහුගේ ජනප්‍රිය ගීතයක් වන “Untitled (How Does It Feel)” හි සංගීත වීඩියෝව එකම ෂොට් එකකින් ගත්, ඔහුගේ නිරුවත් රංගනය නිසා ලොව පුරා අවධානය දිනා ගෙන ඇත.

ඩී’ඇන්ජලෝ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ගීත රචකයෙකු ලෙස වන අතර, Lauryn Hill සහ The Roots වැනි ප්‍රධාන කලාකරුවන් සමඟ එක්ව කටයුතු කර ඇත.

ඔහු 1990 දශකයේදී සිය මංගල ඇල්බමය වන “Brown Sugar” සමඟින් කීර්තියට පත් විය. එම ඇල්බමයේ තිබූ “Lady” ගීතය 1996 දී Billboard හි Hot 100 ප්‍රස්ථාරයේ 10 වන ස්ථානයට පත්විය. එම ගීතය ඔහුට ග්‍රැමී සම්මාන කිහිපයකට නිර්දේශ ලබා දුන් අතර, සංගීත ක්ෂේත්‍රයේ ඔහුගේ ස්ථානය තහවුරු කර ඇත.

ඔහුගේ අභාවයත් සමඟම, Doja Cat, Missy Elliot, Jill Scott සහ Jennifer Hudson වැනි කලාකරුවන් රැසකගේ ශෝක ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා පළ විය.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top