සුඩානයේ (Sudan) පෙබරවාරි මාසයේදී පිහිටුවන ලද සුඩාන සන්නද්ධ කණ්ඩායම්වල සන්ධානයක් වන ‘ටාසිස් සන්ධානය’ (Tasis Alliance), සුඩානයේ යුධ සමයේ රජයට එරෙහිව සමාන්තර “අන්තර්කාලීන සාම” රජයක් එළිදක්වා තිබෙනවා.
ටාසිස් පදනම් වී ඇත්තේ, රැපිඩ් සපෝට් ෆෝසස් (Rapid Support Forces – RSF) සහ දකුණු සුඩානයේ දකුණු කොර්ඩෝෆාන් (South Kordofan) සහ බ්ලූ නයිල් (Blue Nile) ප්‍රාන්තවල විශාල ප්‍රදේශ පාලනය කරන බලගතු සන්නද්ධ කණ්ඩායමක් වන සුඩාන මහජන විමුක්ති ව්‍යාපාරය-උතුර (Sudan People’s Liberation Movement-North – SPLM-N) අතර හවුල්කාරිත්වයක් මතයි.
SPLM-N වසර 40ක් තිස්සේ මධ්‍යම රජයට සහ සුඩාන සන්නද්ධ හමුදාවන්ට (Sudanese Armed Forces – SAF) එරෙහිව කැරැල්ලක් පවත්වාගෙන ගොස් ඇති අතර, මෙම ගැටුම මධ්‍යම ප්‍රභූන් විසින් සිදු කරන ලද ආක්‍රමණශීලී ඉඩම් අත්පත් කර ගැනීම්වල මුල් බැසගෙන තිබෙනවා.
RSF සහ SAF කලින් මිත්‍ර පාක්ෂිකයන් වූ නමුත්, 2023 අප්‍රේල් මාසයේදී බල අරගලයක් පූර්ණ සිවිල් යුද්ධයක් අවුලුවා තිබෙනවා. විශ්ලේෂකයින් පවසා ඇත්තේ, වසර දෙකකට වැඩි කාලයක් පැවති ගැටුමෙන් පසුව, නීත්‍යානුකූලභාවය සහ බලය සඳහා SAF ට අභියෝග කිරීම ටාසිස් හි අරමුණ බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.