සිරියාවේ (Syria) සු-වෛදා (Suwayda) හි ඩ්‍රූස් (Druze) සන්නද්ධ කණ්ඩායම් (armed groups) විසින් සිරියාවේ අභ්‍යන්තර ආරක්ෂක අංශයේ නිලධාරීන්ට පහර දී ඇති අතර, එහිදී අවම වශයෙන් එක් රජයේ සොල්දාදුවෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව රාජ්‍ය පාලනය යටතේ පවතින Ekhbariya TV වාර්තා කරනවා. මෙම කණ්ඩායම්, දකුණු පළාතේ ගම්මාන කිහිපයකට ෂෙල් වෙඩි ප්‍රහාර ද එල්ල කර තිබෙනවා.
මෙම සන්නද්ධ කණ්ඩායම් ඩ්‍රූස් ප්‍රදේශයේ එකඟ වූ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වයි. පසුගිය මාසයේ ඇති වූ මෙම ගැටුම් වලින් සිය ගණනක් මිය ගියා. නැවත ආරම්භ වූ මෙම ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර දක්වමින් සිරියානු රජය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, “නගරයේ කැරලිකාර කණ්ඩායම් විසින් මෙහෙයවනු ලබන මාධ්‍ය සහ වාර්ගික බලමුලු ගැන්වීමේ ව්‍යාපාර පසුගිය කාලය පුරා නතර වී නැහැ,” යනුවෙනි.
නවතම ප්‍රචණ්ඩත්වයෙන් මියගිය සිව් දෙනෙකු ගැන සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ මධ්‍යස්ථානය (Syrian Observatory for Human Rights) වාර්තා කර ඇත. ඔවුන්ගෙන් තිදෙනෙකු රජයේ සොල්දාදුවන් වන අතර එක් අයෙකු ප්‍රාදේශීය සටන්කරුවෙකි.
ජූලි 13 වන දින බෙඩොයින් ගෝත්‍රික සටන්කාමීන් (Bedouin tribal fighters) සහ ඩ්‍රූස් කණ්ඩායම් අතර සු-වෛදා හි ප්‍රචණ්ඩත්වය ආරම්භ වී ඇත. සටන් මැඩපැවැත්වීම සඳහා රජයේ හමුදා යවන ලද නමුත්, මෙම ගැටුම් උග්‍ර වූ අතර, ඊශ්‍රායලය (Israel) ඩ්‍රූස්වරුන් ආරක්ෂා කිරීමේ මුවාවෙන් සිරියානු හමුදාවන්ට ප්‍රහාර එල්ල කළ අතර, ඩමස්කස් (Damascus) අගනුවර මධ්‍යයට ද බෝම්බ හෙළනු ලැබීය.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.