සිරියාව (Syria) වෙත ඉන්දියාවේ (India) මානුෂීය ආධාර දිගටම පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය (Ministry of External Affairs – MEA) නිවේදනය කළා. ඒ, අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර තොගයක් එරටට භාර දීමත් සමඟයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් (Randhir Jaiswal) වැඩිදුරටත් කියා ඇත්තේ, පිළිකා නාශක, ප්‍රතිජීවක සහ අධි රුධිර පීඩනයට එරෙහි ඖෂධ ඇතුළු මෙට්‍රික් ටොන් 5ක අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ තොගයක් සිරියාවට භාර දුන් බවයි. මෙම ක්‍රියාව, ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවලට සහන සහ වෛද්‍ය ආධාර ලබා දීමට ඉන්දියාව ගෙන යන අඛණ්ඩ ප්‍රයත්නවල කොටසක් වන අතර, මානුෂීය අර්බුදවලදී සහාය දැක්වීමට නවදිල්ලියේ (New Delhi) ඇති කැපවීම අවධාරණය කරයි.
ගෝලීය සෞඛ්‍ය සහාය සඳහා ඉන්දියාවේ අඛණ්ඩ කැපවීම ජූලි 17 වන දිනද ප්‍රදර්ශනය විය. එදින, රට තුළ උග්‍රවන රෝග ව්‍යාප්තියකට ප්‍රතිචාර වශයෙන්, සරම්ප සහ රුබෙල්ලා එන්නත් මාත්‍රා 300,000ක් සමඟ අනෙකුත් වෛද්‍ය සැපයුම් බොලිවියාව (Bolivia) වෙත යවන ලදී.
උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.