සිඩ්නි වෙරළ තීරයේදී මෝර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියයයි

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් පොලිසියට අනුව, සිඩ්නි වෙරළ තීරයකදී විශාල මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙක් මිය ගොස් ඇත. පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම පුද්ගලයා ලෝන්ග් රීෆ් වෙරළ තීරයේදී මුහුදෙන් ගොඩට ඇදගෙන නමුත් එම ස්ථානයේදීම මියගිය බවයි.

සෙනසුරාදා පසුව පැවති මාධ්‍ය හමුවකදී, පොලිසිය මෙම මරණකරුව විස්තර කර ඇත්තේ, තම මිතුරන් සමඟ මුහුදේ සිටි පළපුරුදු සර්ෆින් ක්‍රීඩකයෙකු ලෙසයි. ඔහු වෙරළේ සිට මීටර් 100ක් (අඩි 328) පමණ දුරකින් සර්ෆින් ක්‍රීඩාවේ යෙදී විනාඩි 30ක් පමණක් ගතවී තිබියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවත්, ඔහුට අත් පා කිහිපයක් අහිමි වී ඇති බවත් ඔවුන් පවසා ඇත.

සිඩ්නි ප්‍රදේශයේ අවසන් මාරාන්තික මෝර ප්‍රහාරය 2022 දී සිදුවූ අතර, එහිදී බ්‍රිතාන්‍ය කිමිදුම් උපදේශකයෙකු වන සයිමන් නෙලිස්ට් මහා සුදු මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්විය. ඊට පෙර, 1963 සිට මාරාන්තික ප්‍රහාරයක් වාර්තා වී නොතිබිණි.

ඕස්ට්‍රේලියාව සාමාන්‍යයෙන් සෑම වසරකම මෝර ප්‍රහාර 20ක් පමණ වාර්තා කරන අතර, බොහෝමයක් සිදුවන්නේ නිව් සවුත් වේල්ස් සහ බටහිර ඕස්ට්‍රේලියාවේය. ඓතිහාසිකව, මෝරෙකුගේ ප්‍රහාරයකින් මිය යාම සාමාන්‍ය දෙයක් නොවේ. සියවසකට වැඩි වාර්තා අනුව, ඕස්ට්‍රේලියාවේ මෝර ප්‍රහාර මරණ අනුපාතය 0.9ක් වන අතර, එය වසරකට එක් අයෙකුට වඩා අඩු සංඛ්‍යාවකි.

සෙනසුරාදා සිදු වූ මෙම සිදුවීම හේතුවෙන් නෝදන් බීචස් ලෙස හැඳින්වෙන ජනප්‍රිය ප්‍රදේශයේ වෙරළ තීර කිහිපයක් වසා දමා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top