සිංගප්පූරුවේ සුඛෝපභෝගී සමාජ ශාලාවක් වූ 1880 වසා දමයි

සිංගප්පූරුවේ සුඛෝපභෝගී පුද්ගලික සමාජ ශාලාවක් වන 1880, සිය සේවකයන්ට සහ සැපයුම්කරුවන්ට ගෙවීමට අරමුදල් නොමැති බව පවසමින් ස්ථිරවම වසා දමන බව අඟහරුවාදා (ජූනි 17) නිවේදනය කළේය. Robertson Quay හි පිහිටා ඇති මෙම සමාජ ශාලාව, Marc Nicholson විසින් ආරම්භ කරන ලද අතර 2017 අගභාගයේදී විවෘත කරන ලදී.

මෙම හදිසි වසා දැමීම සිදු වන්නේ, 1880 හි හොංකොං ශාඛාව විවෘත කර වසරකටත් අඩු කාලයකදී, මැයි 30 දා වසා දැමීමෙන් පසුවය. සමාජ ශාලාව සාමාජිකයින්ට යවන ලද විද්‍යුත් තැපෑලක සඳහන් කර ඇත්තේ, සාමාජිකයින්ගේ වියදම් සහ පැමිණීමේ වාර ගණන අඩුවෙමින් පවතින බවත්, සමාගමට මූල්‍ය ආධාරයක් සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමක් අවශ්‍ය වූ බවත් .

මෙම සමාජ ශාලාව වසා දමන බවට නිවේදනය කිරීමට පෙර දින, එනම් සඳුදා (ජූනි 16) වන විටත් සාමාජිකයින් සඳහා විවෘතව පැවති අතර, ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල ඉදිරි සිදුවීම් ප්‍රවර්ධනය කරමින් සිටියේය.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA අනුග්‍රහයෙනි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top