සිංගප්පූරුවේ තෝ පායෝ මහල් නිවාසයක ගින්නක්

අද (ජූලි 29) අඟහරුවාදා සිංගප්පූරුවේ (Singapore) තෝ පායෝ (Toa Payoh) හි නිවාස හා සංවර්ධන මණ්ඩලයේ (HDB) මහල් නිවාසයක ගින්නක් හටගෙන ඇති අතර, ගිනි නිවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

තෝ පායෝ ලොරොං 8 (Toa Payoh Lorong 8) හි 229 වැනි බ්ලොක් එකේ දසවැනි මහලේ පිහිටි මහල් නිවාසයක හටගත් ගින්න පසුව 11 වැනි මහලේ තවත් ඒකකයකට පැතිර ගොස් තිබෙනවා. සිංගප්පූරු සිවිල් ආරක්ෂක බලකායේ (SCDF) ගිනි නිවන භටයින්ට දසවැනි මහලේ ඒකකයේ ගින්න පාලනය කිරීමට හැකි වී ඇති නමුත්, පස්වරු 3.22 වන විටත් 11 වැනි මහලේ මහල් නිවාසයේ ගින්න නිවා දැමීමට ඔවුන් වෙහෙසෙමින් සිටින බව වාර්තා වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top