සිංගප්පූරුවෙන් ප්‍රවාහන ජාලයට නව පියවරක්; පුංගෝල් හි ස්වයංක්‍රීය වාහන අත්හදා බැලේ

සිංගප්පූරුව 2025 සිව්වන කාර්තුවෙන් පසුව පුංගෝල් (Punggol) හි ස්වයංක්‍රීය වාහන (AVs) අත්හදා බැලීම ආරම්භ කරන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ජෙෆ්රි සියෝ (Jeffrey Siow) ප්‍රකාශ කර ඇත.

සියෝ මහතා සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍ය සුන් ෂුවෙලින්ග් (Sun Xueling) පසුගිය බ්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා චීනයේ ගුවාංෂෝ (Guangzhou) හි සංචාරය කර ඇත්තේ, එහි ස්වයංක්‍රීය වාහන සංවර්ධනය සහ යෙදවීම පිළිබඳව අධ්‍යයනය කිරීමටයි. ස්වයංක්‍රීය වාහන දියුණු වෙමින් පවතින තාක්ෂණයක් බව සඳහන් කළ සියෝ මහතා, කෙටි කාලීනව මහජන ප්‍රවාහන ජාලයට සහාය වීමට ස්වයංක්‍රීය වාහන භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශය (MOT) සලකා බලන බව කියා සිටියා.

පුංගෝල් තෝරාගැනීමට හේතුව පැහැදිලි කළ සියෝ මහතා, එය “සංවර්ධිත” සංචාරක රටා සහිත ප්‍රදේශයක් බවත්, මහජන ප්‍රවාහන දත්ත අනුව මිනිසුන් “යාමට කැමති” ස්ථාන පෙන්වන බවත් පැවසුවා. අසල්වැසි මාර්ග යටිතල පහසුකම් ද සංවර්ධිත බවත්, පදිංචිකරුවන්ගේ නිතිපතා ප්‍රතිචාර අමාත්‍යාංශයට මාර්ග තීරණය කිරීමට උපකාර වන බවත් ඔහු සඳහන් කර ඇත. යොදා ගත යුතු නිවැරදි වාහන වර්ගය තීරණය කිරීම සඳහා අමාත්‍යාංශය විභව ක්‍රියාකරුවන් සහ ස්වයංක්‍රීය වාහන සමාගම් සමඟ කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top