සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍ය ඔන්ග් යේ කුංග් මහතා පැවසුවේ අප්‍රේල් අග භාගයේදී ආරම්භ වූ මෑත කාලීන COVID-19 රැල්ල දැන් පහව යමින් පවතින බවයි. ජුනි 14 වනදා (සෙනසුරාදා) ෆේස්බුක් පළකිරීමකදී ඔහු සඳහන් කර ඇත්තේ සතිපතා ආසාදන රෝගීන්ගේ සංඛ්‍යාව 26,400 සිට 15,300 දක්වා පහත වැටී ඇති බවයි.
දෛනික රෝහල්ගතවීම් 174 සිට 118 දක්වා පහත වැටී ඇති අතර එය “ප්‍රසාදජනක ප්‍රවණතාවයක්” ලෙස සලකිය හැකි බව ඔහු ප්‍රකාශ කර ඇත. එසේම, ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කසළ ජලය (waste water) පරීක්ෂා කිරීමෙන් ලබාගත් දත්ත මඟින්ද රෝග පැතිරීමේ අඩුවක් පෙන්නුම් කරනු ලබන බවයි.
මෙම COVID-19 රැල්ල පුරාවට දැඩි සත්කාර ඒකක (ICU) රෝගීන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම අඩුවෙන්ම පවතිමින් දිනකට රෝගීන් 2-3 දෙනෙකු පමණක් වාර්තා වූ බවත්, මෙය රටේ සෞඛ්‍ය පද්ධතියට COVID-19 රෝගය පාලනය කිරීමේ හැකියාව වර්ධනය වී ඇති බව පෙන්වයි පෙන්නුම් කරනු ලබන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
COVID-19 නව ප්‍රභේද රටේ සෞඛ්‍ය පද්ධතියට පීඩනයක් එක් කළ හැකි බැවින් ඉදිරියටත් ආරක්ෂක කටයුතු ශක්තිමත් කරමින් අනාගත රැල්ලන් හෝ වසංගතයන් සඳහා සූදානම් විය යුතු බව ද ඔහු අවධාරණය කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.