සැම්බියාවේ අලි ප්‍රහාරයකින් බ්‍රිතාන්‍ය සහ නවසීලන්ත සංචාරකයින් 2 ක් මරුට!

සැම්බියාවේදී සෆාරි චාරිකාවක නිරතව සිටියදී අලියෙකුගේ ප්‍රහාරයකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසා තිබෙනවා. මියගිය අය අතර 68 හැවිරිදි බ්‍රිතාන්‍ය විශ්‍රාමික කාන්තාවක් වන ඊස්ටන් ටේලර් (Easton Taylor) සහ 67 හැවිරිදි නවසීලන්ත ජාතික ඇලිසන් ටේලර් (Alison Taylor) යන අය සිටී.

මෙම සිදුවීම දකුණු ලුන්ග්වා ජාතික වනෝද්‍යානයේදී (South Luangwa National Park) සිදුවූ බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී රොබට්සන් ම්වීම්බා (Robertson Mweemba) පවසා ඇත. මව් අලියෙකු සහ පැටවෙකු සමඟ සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ. සංචාරක මඟපෙන්වන්නන් වෙඩි තබා අලියා පලවා හැරීමට දැරූ උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව මෙම කාන්තාවන් දෙදෙනා පාගා මරා දමා තිබෙනවා. කාන්තාවන් දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඔහු පවසා ඇත.

මව් අලි ඔවුන්ගේ පැටවුන් සම්බන්ධයෙන් ඉතා ආරක්ෂාකාරී බව දන්නා කරුණක් වන අතර, සැම්බියානු බලධාරීන් මීට පෙර ද සංචාරකයින්ට රට වටා වනජීවීන් නිරීක්ෂණය කිරීමේදී අතිශයින්ම පරෙස්සම් වන ලෙස ඉල්ලා තිබෙන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top